Sunday, November 15, 2026
HomeNEWSLatest Newsකොන්ක්‍රීට් තට්ටුවක් ඇඟට වැටී දෙදරු පියෙක් ජීවිතක්ෂයට -දර්ශන සහිතයි

කොන්ක්‍රීට් තට්ටුවක් ඇඟට වැටී දෙදරු පියෙක් ජීවිතක්ෂයට -දර්ශන සහිතයි

කොන්ක්‍රීට් තට්ටුවක් ඇඟට වැටී දෙදරු පියෙක් ජීවිතක්ෂයට -දර්ශන සහිතයි

මහරගම, අඹගහපුර, සමාධි මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉදිකර තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් සහ කණුවක් ඉවත් කිරීමට ගිය පුද්ගලයෙක් ඊට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේ මිය ගොස් ඇත්තේ, නක්කාවිට, දැරණියගල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි.

පිළියන්ද පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත් ආයතනයක සේවය කළ එම පුද්ගලයා අනතුර සිදුවු නිවසේ සේවය සඳහා ඊයේ (12) උදෑසන 7.30ට පමණ ගොස් තිබේ.

එහිදී කොන්ත්‍රාත් සමාගමේ අයිතිකරු විසින් කොන්ක්‍රීට් තට්ටුව හා කොන්ක්‍රීට් කණුව කඩා ඉවත් කිරීමට උපදෙස් දී ඇත.

ඒ අනුව කොන්ක්‍රීට් කපන යන්ත්‍රියකින් කොන්‍ක්‍රීට් තට්ටුව මැදින් කපා පෙරළීමට සුදානම් ව සිටි අවස්ථාවේ දී කොන්ක්‍රීට් තට්ටුව එකවරම ඔහුගේ ඇඟ මතට කඩා වැටී තිබේ.

කොන්ක්‍රීට් තට්ටුව අතර සිර වී සිටි පුද්ගලයා බේරා ගැනීමට කොන්ත්‍රාත් සමාගමේ අයිතිකරු හා නිවෙස් හිමියා බැකෝ යන්ත්‍රයක් කැඳවා උත්සහ කළ ද එය අසාර්ථක වී ඇත.

පසුව අදාළ ස්ථානයට පැමිණි මහරගම කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඩග්ලස් රූපසිරි මහතා සහ මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හදිසි මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුර කළුබෝවිල රෝහලට ගෙන ගොස් තිබේ.

සිද්ධිය වු ස්ථානයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img