Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsකොරෝනා රෝගීන් හමුවෙද්දී විපක්ෂය කාළකණ්ණි සතුටක් ලබනවා.

කොරෝනා රෝගීන් හමුවෙද්දී විපක්ෂය කාළකණ්ණි සතුටක් ලබනවා.

කොරෝනා රෝගීන් හමුවෙද්දී විපක්ෂය කාළකණ්ණි සතුටක් ලබනවා.

කොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එමගින් කාළකණ්ණි සතුටක් ලබන බවයි. 

බියගම ප්‍රදේශයේ ඊයේ (12) පැවති රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා  මේ බව සදහන් කළේය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“විපක්ෂයට දැන් හරි ම සංතෝෂයි. කොරෝනා රෝගීන් රටේ වැඩිපුර හම්බෙනකොට ඒ ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ මේ රටේ විපක්ෂය. විපක්ෂය දන්නවා මේ මැතිවරණයේ දී යන එන මං නැතිව යනවා කියලා. පරාද වෙන බව දන්න නිසා මේ අයට ඕන කොක්කෙන් හරි කෙක්කෙන් හරි මැතිවරණය කල් දාගන්න. ඒ නිස තමයි කොරෝනා වසංගතය පැතිරෙනකොට විපක්ෂය සතුටු වෙනවා. මම දැක්කා කබීර් හෂිම් කියනවා ආණ්ඩුව අසාර්ථකයි කියලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව පහුගිය යහපාලන ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් තමයි කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. මේ අය කථා කරන්නේ තොත්ත බබාලා වගේ. මොකුත් දන්නේ නෑ. මේ ආණ්ඩුව අවුරුදු හතරාමාරක් කළේ අපි වගේ තමයි කථා කරන්නේ. රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට මේ රට විනාශ කරපු යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු තමයි කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. කොවිඩ් 19 වසංගතය පැතිරයාම අපේ රටේ ආර්ථිකයට මරු පහරක්. ඒත් ගෝඨාභය – මහින්ද සුසංයෝගයට කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගීමට නිසි වැඩ පිළිවෙලක් තිබෙනවා. සජිත්ටත් – රනිල්ටත් එහෙම දැක්මක් හෝ උවමනාවක් නෑ. මේ රට ගොඩ නගන්න ඔවුන්ගේ කයිවාරුව විතරයි.

සජිත් සංස්කෘතික අරමුදලේ මුදල් පාවිච්චි කළේ තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න. නිවාස හැදුවා කිව්වට නිවාස ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි. සජිත්ලා දැන් කථා කරන්නේ හඳෙන් ආවා වගෙයි. හැබැයි රට අද පත් ව තිබෙන අවාසනාවන්ත තත්ත්වයට සජිත්ලා වග කිව යුතුයි. 2015 කරපු බොරුවට ජනතාව නැවත රැවටෙන්නේ නෑ.පාස්කු ප්‍රහාරයට චෝදනා ලත් සියලුම දෙනා ඉන්නේ සජිත්ගේ වේදිකාවේ. මහබැංකු හොරකමේ ප්‍රධානියා ඉන්නේ රනිල්ගේ වේදිකාවේ. මේ දෙගොල්ලෝ දැන් ගහගන්නවා. හොරු හොරු ගහගන්නකොට බඩු මාට්ටු වගේ. රනිල්ලා – සජිත්ලා කරපු සෙල්ලම් දැන් ඔවුන්ගේම කටවල් වලින් එළියට එමින් තිබෙනවා. ඒවාට ජනතාව අගෝස්තු 05 වෙනිදාට ප්‍රතිචාර දක්වන බව සිකුරුයි.

අපි තුනෙන් දෙකේ බහුතර බලයක් අපි ඉල්ලන්නේ යහපාලනය ගෙන ආ රටට අහිතකර අණපණත් අහෝසි කරන්නයි. ඒ පණත් අහෝසි කර ගැනිමට තිබෙන එකම ක්‍රමය තමයි අපි. තුනේ දෙකක බලයක් ලබා ගැනීමට.සජිත් ප්‍රේමදාස කියනවා පහුගිය කාලේ රාජ්‍ය සේවකයන්ගේ කපා දැමු දීමනා පරිපුරකයක් ගෙනත් ගෙවනවා කියලා. එදා රාජ්‍ය සේවකයන්ගේ බඩට ගැසු යහපාලන නඩය අද නැවත රාජ්‍ය සේවකයන්ට දුන්නු දීමනා කප්පාදු කළේ. මහින්ද මහත්තයා තමයි රටේ ශක්තිමත් රාජ්‍ය සේවාවක් හැදුවේ. එදා යුද්ධය දිනද්දිත් මෙදා කොවිඩ් පාලනය කරද්දීත් රාජ්‍ය සේවකයන් තමයි පෙරමුන ගත්තේ. ඒ නිසා පහුගිය යහපාලනය රාජ්‍ය සේවය විනාශ කිරීමට ගෙන ආ අණපණත් හා චක්‍ර ලේඛ ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුත් ආණ්ඩුවක් මගින් වහා අහෝසි කරනවා. රාජ්‍ය සේවය ආණ්ඩුවේ රජ කාලේ ඉදන් රාජ්‍ය සේවය බාල්දු කරන්න අප කිසිවෙකුටවත් ඉඩ තියන්නේ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img