Tuesday, September 1, 2026
HomeNEWSකොරෝනා හේතුවෙන් වැසූ කර්මාන්ත ශාලා 3 ක්

කොරෝනා හේතුවෙන් වැසූ කර්මාන්ත ශාලා 3 ක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්තශාලා 5ක අහඹු ලෙස තෝරාගත් සේවකයින් 31 දෙනෙකු PCR පරීක්ෂණයට පසුගියදා ලක්කළ අතර ඉන් 20 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 200 දෙනකු පමණ අදත් PCR පරීක්ෂණයට යොමුකළ අතර අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසාදැමීමටද පියවර ගෙන තිබේ.

මේ අතර, ත්‍රිකුණාමලය නගරය ආශ්‍රිතව වෙසෙන කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබුණේ පසුගියදා සිදුකළ PCR හා ඇන්ටිජන් පරීක්ෂණවලදීය.

ඒ අනුව අද (16) උදෑසන සිට පූම්බූහාර් නැගෙනහිර ග්‍රාම සේවා වසමේ සංචරණය සීමාකිරීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් යොදවා තිබුණි.

එමෙන්ම, අම්පාර – උහන සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට අනුයුක්ත සෙබලෙක් කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පවුල් 128ක් ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබුණි.

මේ අතර, අම්බලන්ගොඩ නගරයේ පෞද්ගලික බැංකුවක සේවකයෙකුටත් කොවිඩ් ආසාදනයවීම නිසා ඔහු සමඟ සේවය කළ බැංකු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ අතර එම බැංකු ශාඛාව තාවකාලිකව වසාදමා අද විෂබීජහරණයට ලක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img