Wednesday, November 11, 2026
HomeNEWSකොවිඩ් ආසාදිතයින්ට සහාය වීමට මෘදුකාංගයක්

කොවිඩ් ආසාදිතයින්ට සහාය වීමට මෘදුකාංගයක්

තමා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ විට ඇතිවන මූලික ගැටළුවලට පිළිතුරු ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය විසින් නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබේ.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුලවීම හේතුවෙන් එම මෘදුකාංගය හඳුන්වාදෙන බව එම විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා පැවසීය.

එම මෘදුකාංගය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මේවන විට හිමිව ඇති බැවින් එය භාවිත කිරීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“ගොඩක් රෝගීන් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්වෙනවා. කොවිඩ් පොසිටිව් වුණාම රෝගීන්ට තිබෙනවා සුළු ප්‍රශ්න ටිකක් අසා දැනගන්න. මට ගෙදර ඉන්න පුළුවන්ද ? මට රෝහලකට ඇතුළු වෙන්නට පුළුවන්ද ? නැතහොත් වෛද්‍යවරයෙකුට කතා කරන්න අවශ්‍යද ? මේ සුළු ප්‍රශ්නවලටවත් නිසිආකාරයේ පිළිතුරු ලබාගැනීමට අසීරුයි මොකද සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුල වෙලා. අපේ විසඳුම තමයි ඒ සුළු ප්‍රශ්න තුනට පරිගණක තාක්ෂණය මාර්ගයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව පිළිතුර ලබාදීම.  සෞඛ්‍ය අමාත්‍යාංශය, ළමා රෝග විශේෂඥවරු එතකොට ගැබිනි මව්වරුන්ගේ විශේෂඥවරු හදලා තියෙනවා ගයිඩ්ලයින්ස්. මේ රෝග තියෙනවානම් රෝහල් ගතවෙන්න ඕනේ, නැතිනම්ම් ගෙදර ඉන්නට පුළුවන්. ඒ අයගේ ගයිඩ්ලයින්ස්වලට අනුව අපි පරිගණක ඇප් එකක් හැදුවා. බොහොම සුළු දත්ත ප්‍රමාණයක් අපි අහන්නේ. ඒ අනුව මිනිත්තු දෙක තුනක් ඇතුළත ඒ අයට බොහොම නිවැරදි වෛද්‍ය උදෙසක් දෙනවා ගෙදර ඉන්න පුළුවන්ද ? වහාම රෝහල්ගත වෙන්න ඕනද ? වෛද්‍යවරයෙකුට කතා කරන්න ඕනද ? ගැන.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img