කොවිඩ් ආසාදිතයින් 257ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 257 දෙනෙකු (07) දවසේ මේ වනවිට හඳුනාගෙන තිබේ.
එම සියලු ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම ආසාදිතයින් පෑලියගොඩ පොකුරේ අශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව, මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුර 9,749 දක්වා ඉහළ ගොස් තිබේ.
අද මේ දක්වා හමුවූ ආසාදිතයින් 257 දෙනාද සමගින් පසුගිය ජනවාරි මස සිට මෙරටදී කොවිඩ් ආසාදිතයින් 13,227 හමුවී ඇති අතර ඉන් 5,474 දෙනෙක් තවමත් ප්‍රතිකාර ලබති.
සුව වූ ගණන 7,723ක් වන අතර මරණ 30ක් වාර්තා වී තිබේ.






















