අද (19) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව හමුදාපතිවරයා සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,544ක් වන අතර සුවය ලැබු සමස්තය 27,552 කි.
බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සම්බන්ධයෙන් අද (19) දිනයේ ඇන්ටිජන් පරීක්ෂණ 750 ක් සිදුකර ඇති අතර ඉන් එක් ආසාදිතයෙකු පමණක් හඳුනාගත් බව යුධ හමුදාපතිවරයා පවසයි.






















