Tuesday, September 1, 2026
HomeNEWSකොවිඩ් එන්නත සති දෙකක් තුළ ශ්‍රී ලංකාවට - ප්‍රධාන එන්නත් 2ක් ගැන...

කොවිඩ් එන්නත සති දෙකක් තුළ ශ්‍රී ලංකාවට – ප්‍රධාන එන්නත් 2ක් ගැන අවධානය

කොවිඩ් එන්නත සති දෙකක් තුළ ශ්‍රී ලංකාවට – ප්‍රධාන එන්නත් 2ක් ගැන අවධානය

තවත් සති දෙකක් ඇතුළත කොවිඩ් මර්දන එන්නතක් මෙරටට ගෙන ඒමට හැකිවනු ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (15) ප්‍රකාශ කළේය. 

මේ වනවිට අවධානය යොමු කර ඇත්තේ ප්‍රධාන එන්නත් දෙක කෙරෙහි බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

“එන්නත් නිපදවන සමාගම් සමග, ඒ රජයන් සමග, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අපි සාකච්ඡා පවත්වාගෙන යනවා. අපිට තවත් සති 2ක් ඇතුළත කොරෝනා වෛරසයට ලබාදෙන එන්නතක් පළවෙනි වතාවට ලංකාවට ගෙන ඒමට හැකි වේවි. විශේෂයෙන්ම ප්‍රධාන එන්නත් දෙක ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා ගැන තමයි මේ වනවිට අවධානය යොමු වෙලා තියෙන්නේ. ඉන්දියාවෙන් ලබාදෙනවා කියන එක ගැනත් පැහැදිළි කිරීමක් කරන්න ඕනේ. ඇස්ට්‍රාසෙනිකා සමාගමේ නියෝජිත ආයතනයක් තියෙනවා ඉන්දියාවේ. ඒ හරහා අපේ රටට පහසුවෙන් ලබා ගැනීමේ හැකියා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img