Friday, May 1, 2026
HomeNEWSකොවිඩ් තර්ජන මැද බස්රථවල මගී ප්‍රවාහනය ක්‍රමවේද 3ක් යටතේ

කොවිඩ් තර්ජන මැද බස්රථවල මගී ප්‍රවාහනය ක්‍රමවේද 3ක් යටතේ

හෙට (09) දින බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ප්‍රවාහනය පිළිබඳව ක්‍රමවේද 3ක් මේ වනවිට හඳුන්වා දී ඇති බවය.

“තාම එළිදැක්වූවේ නැති වුණත් ප්‍රවාහනය පිළිබඳව ක්‍රමවේද 3ක් අපි මේ වනවිට යුද හමුදාපතිවරයාටත් සෞඛ්‍ය අංශවලටත් හඳුන්වා දීලා තියෙනවා. සඳුදා හෝ අඟහරුවාදා වෙනකොට අපි කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් තත්ත්වය යටතේ සුරක්ෂිතව මගීන් ප්‍රවාහනය කිරීම කෙසේ සිදුවිය යුතුද කියන දේ පිළිබඳව තමයි එහි සකස්කරලා තියෙන්නේ. සාමාන්‍ය ක්‍රමය යටතේ ධාවනය කරනවා නම් ඒ කියන්නේ මගීන් අසුන්ගෙන වගේම හිටගෙනත් යනවා නම් ගාස්තු අපි වැඩිකරන්නේ නෑ. අනෙක් ක්‍රමවේදය ආසන ගණනට මගීන් ධාවනය කිරීම. තුන්වෙනි ක්‍රමවේදය තමයි යම් නිරෝධායන ප්‍රදේශයක තර්ජනයක් තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අපිට දැනුම් දුන්නොත් එක ආසනයකට එක මගියෙක් බැගින් රැගෙන යාම. මේ ක්‍රමවේද දෙකේ යම් ගාස්තු සංශෝධනයක් අපිට කරන්න වෙයි,” යනුවෙන් ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img