Tuesday, October 27, 2026
HomeNEWSකොවිඩ් තර්ජන මැද බස්රථවල මගී ප්‍රවාහනය ක්‍රමවේද 3ක් යටතේ

කොවිඩ් තර්ජන මැද බස්රථවල මගී ප්‍රවාහනය ක්‍රමවේද 3ක් යටතේ

හෙට (09) දින බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ප්‍රවාහනය පිළිබඳව ක්‍රමවේද 3ක් මේ වනවිට හඳුන්වා දී ඇති බවය.

“තාම එළිදැක්වූවේ නැති වුණත් ප්‍රවාහනය පිළිබඳව ක්‍රමවේද 3ක් අපි මේ වනවිට යුද හමුදාපතිවරයාටත් සෞඛ්‍ය අංශවලටත් හඳුන්වා දීලා තියෙනවා. සඳුදා හෝ අඟහරුවාදා වෙනකොට අපි කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් තත්ත්වය යටතේ සුරක්ෂිතව මගීන් ප්‍රවාහනය කිරීම කෙසේ සිදුවිය යුතුද කියන දේ පිළිබඳව තමයි එහි සකස්කරලා තියෙන්නේ. සාමාන්‍ය ක්‍රමය යටතේ ධාවනය කරනවා නම් ඒ කියන්නේ මගීන් අසුන්ගෙන වගේම හිටගෙනත් යනවා නම් ගාස්තු අපි වැඩිකරන්නේ නෑ. අනෙක් ක්‍රමවේදය ආසන ගණනට මගීන් ධාවනය කිරීම. තුන්වෙනි ක්‍රමවේදය තමයි යම් නිරෝධායන ප්‍රදේශයක තර්ජනයක් තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අපිට දැනුම් දුන්නොත් එක ආසනයකට එක මගියෙක් බැගින් රැගෙන යාම. මේ ක්‍රමවේද දෙකේ යම් ගාස්තු සංශෝධනයක් අපිට කරන්න වෙයි,” යනුවෙන් ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img