Thursday, November 12, 2026
HomeNEWSකොවිඩ් පාලනය නොකළහොත් ඉදිරි සති දෙක ඉන්දියාවට සමාන විය හැකියි - සෞඛ්‍ය...

කොවිඩ් පාලනය නොකළහොත් ඉදිරි සති දෙක ඉන්දියාවට සමාන විය හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මෙරට තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ගතවූ දින 05 තුළ සියයට 54ක වර්ධනයක් පෙන්නුම් කරයි.

දිනෙන් දින ඉහළ යන මෙරට කොවිඩ් අවදානම තවදුරටත් තීව්‍ර කරමින් තුන්වන දිනටත් මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (01) 1,500 සීමාව ඉක්මවා ගියේය.
‍
ආසාදිතයින් 1,716 දෙනෙකු ඊයේ හඳුනාගත්තේ දෛනික වැඩිම ආසාදිතයින්ගේ වාර්තාව පස්වන දිනටත් අලුත් කරමිනි.

පළමුවරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 27 වනදාය.

එම දිනයට සාපේක්ෂව මේ දක්වා දෛනික ආසාදිතයින්ගේ වැඩිවීමේ ප්‍රතිශතයන් පිළිබඳව අප විමසා බැලුවේය.

ඒ අනුව අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව 28 වනදා ආසාදිතයින් වාර්තාවීමේ වර්ධනීය ප්‍රතිශතය සියයට 31.9කි.

එමෙන්ම අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව 29 වනදා වනවිට වර්ධන ප්‍රතිශතය සියයට 37.8ක් වෙද්දී 30 වනදා එම ප්‍රතිශතය සියයට 49.5 දක්වා වර්ධනය වී තිබුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වීම අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව සියයට 54.4ක් දක්වා ඉහළ යාම ඉතාම බියකරු තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ, කඩිනමින් රෝග පාලන වැඩපිළිවෙළකට යොමු නොවුනහොත් ඉන්දියාවේ පවතින ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවටද මුහුණදීමට සිදුවන බවය.

එම සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

“මේ අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩිවෙන්නත් පුළුවන්. අපි මේ ජීවන රටාවට අනුගත නොවුනහොත් රටක් විදියට අපිට ඉන්දියාවට වගේ ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ගෙදර ඇතුළේම රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත් අයත් රෝගියා ත් මුව ආවරණයක් පැළඳ සිටීම ඉතාමත් වැදගත්. සම්පූර්ණයෙන් ම ඉදිරි සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යයෙන් ම යන්න වෙනවා අපි මේ සම්බන්ධව සමාජයක් විදියට එක පිළිවෙතකට අනුගත වෙලා රෝගය පාලනය කිරීමට තීරණය කළේ නැත්නම්. “

මේ අතර අද දිනයේ දී ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 22 දෙනෙකු සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද සිදුකෙරුණි.

ඒ අතරින් 17 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර එය සමස්ත නියැදියෙන් සියයට 77ක ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයකි.

එප්පාවල ප්‍රදේශය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කළේය.

මේ අතර හොරණ, නාගලකන්ද ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙකු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු පසු ඇගේ දරුවන් දෙදෙනා PCR පරීක්ෂණයට ලක්කෙරුණ ද ස්වාමිපුරුෂයා එම පරීක්ෂණය මඟහැර තිබේ.

එසේ සිටියදී අද ඔහුගේ නිවස අසල වෙල්යායක මියගොස් සිටියදී මෘත දේහය සොයාගැණුනි.

මෘත දේහය PCR පරීක්ෂණයක සඳහා අද පස්වරුවේ හොරණ මූලික රෝහල වෙත රැගෙන යනු ලැබීය. 

මේ අතර ස්ථානීය පරිභෝජනය සිදුකෙරෙන මත්පැන්හල්, කැසිනෝ සහ රාත්‍රී සමාජශාලා නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට නියෝග කර ඇති බැවින් එම ස්ථාන සඳහා නිකුත් කර ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රවල ක්‍රියාකාරිත්වය නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

හෝටල්, තානායම් හා ආගන්තුක නිවාස සඳහා නිකුත් කර ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර රාත්‍රී 10න් පසුව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන ලබන බවද එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img