Monday, September 21, 2026
HomeNEWSකොරෝනා පාලනයට විපක්ෂ නායකයා විදෙස් රටවලින් ආධාර ඉල්ලයි

කොරෝනා පාලනයට විපක්ෂ නායකයා විදෙස් රටවලින් ආධාර ඉල්ලයි

මෙරට තුළ කොවිඩ් අවධානම උග්‍ර වීම හේතුවෙන් ජංගම රෝහල් ඇතුළු සෞඛ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා තමා විදෙස් රටවල් සමග සාකච්ඡා කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ අද (02) පැවති මාධ්‍ය හමුවකදීය.

රට මුහුණ දී තිබෙන දැවැන්ත සෞඛ්‍ය අර්බුදය තුළ විදෙස් තානාපතිවරු හමුවු අවස්ථාවේ දී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ බව ද ඒ මහතා පැවසීය.

“විදේශ තානාපති කාර්යාලවලට දුරකථන ඇමතුම් ලබාදීලා එම තානාපතිවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරා, අපේ රටට අත්‍යාවශ්‍යව තිබෙන එන්නත් ප්‍රමාණය ලබාදෙන්න උපරිම දායකත්වය ලබා දෙන්න කියලා. PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකරන්න ඕනේ. එය කිරීම උදෙසා අපට අවශ්‍ය PCR යන්ත්‍ර අපේ රටට ලබාදෙන්න කියන යෝජනාවත් අපි ඉදිරිපත් කළා. මේ සීඝ්‍ර ව්‍යාප්තිය තුළ අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා ජංගම රෝහල්. විශේෂයෙන්ම අමෙරිකාව, ඔස්ට්‍රේලියාව හා ඒ වගේම බ්‍රිතාන්‍යයෙන් මම ඉල්ලීමක් කරනවා එවැනි හෝස්පිටල් ගණනාවක් අපේ රට ට ලබාදෙන්න කියලා. අපි ඒ ඉල්ලීම කරලා ඉවරයි. කොරෝනා තුළින් දේශාපාලන වාසි ලබා ගැනීමටවත් කොරෝනාව දේශපාලන ආයුධයක් කර ගැනීමටවත් අපි සුදානම් නෑ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img