Wednesday, November 11, 2026
HomeNEWSකොවිඩ් රෝගීන්ගේ ජීවිතවලට ලංසු තැබූ ඖෂධ ජාවාරමක්

කොවිඩ් රෝගීන්ගේ ජීවිතවලට ලංසු තැබූ ඖෂධ ජාවාරමක්

කොවිඩ් රෝගීන්ගේ ජීවිත අවදානමේ දමමින් පිටකොටුවේ සිදුවන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ජාවාරමක් පිළිබඳ අනාවරණ කළ ‘අද දෙරණ උකුස්සා’ ට අද (08) තවත් ජාවාරමක් ගැන හෙළිදරව් විය.

ඒ කොවිඩ් නියුමෝනියාවෙන් අසාධ්‍ය වන ඇතැම් රෝගීන්ට ලබාදෙන ටොසිලිසුමැබ් (Tocilizumab) නම් විශේෂ එන්නත අනීතිකව ගෙන්වා අසාමාන්‍ය වැඩි මිලකට අලෙවිකිරීමේ ජාවාරමක් පිළිබඳවය.

ටොසිලිසුමැබ් (Tocilizumab) යනු සාමාන්‍ය ඖෂධ මගින් සුව කළ නොහැකි රූමැටොයිඩ් ආතරයිටීස් නම් රෝගී තත්ත්වයට විශේෂඥ වෛදවරුන්ගේ නිර්දේශය මත පමණක් ලබාදෙන විශේෂ එන්නතකි.

එය කොවිඩ් නියුමෝනියා තත්ත්වය නිසා අසාධ්‍ය වන ඇතැම් රෝගීන්ට ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ලබාදෙනු ඇත. 

ඒ කොවිඩ් නියුමෝනියාවෙන් අකර්මණ්‍ය වන පෙනහළු නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහාය.

පවතින කොවිඩ් වසංගතය නිසා ටොසිලිසුමැබ් (Tocilizumab) ඖෂධයට ලොව පුරා පවතින්නේ ද දැඩි ඉල්ලුමකි.

එය නිෂ්පාදනය කරන්නේ ස්විස්ටර්ලන්තයේ රෝච් නම් සමාගම පමණක් වන නිසා මේ දිනවල පවතින දැඩි ඉල්ලුමට අවශ්‍ය පරිදි සැපයුම සිදු කරන්නට එම සමාගමට හැකියාවක් නොමැත.

එම ඉල්ලුම නිසාම ලොව පුරා මෙම ඖෂධය අධික මිලකට අලෙවි වෙයි.

ශ්‍රී ලංකාවට මෙම ඖෂධය ආනයනය කරන්නේ සහ රට තුළ අලෙවි කරන්නේ අවසර ලත් සමාගම් කිහිපයක් පම‍ණි

මේ පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමුවිය.

ඒ සංවාදයත් සමග මෙම එන්නත සඳහා රට තුළ ඇති වූයේ අසාමාන්‍ය ඉල්ලුමකි.

එම අසාමාන්‍ය ඉල්ලුමෙන් අනිසි වාසි ලබාගත් ඇතැම් පිරිස් මෙම ඖෂධ අලෙවිය ජාවාරමක් කරගන්නට පෙළඹී තිබේ.

මෙරට තුළ රුපියල් ලක්ෂ 2කට ආසන්න වටිනාකමකින් යුත් මෙම ඖධය රුපියල් ලක්ෂ 05 සිට 10 දක්වා අධික මිලකට පිරිසක් කූඨ ලෙස අලෙවි කරන බවට ‘අද දෙරණ උකුස්සාට’ රහසිගත තොරතුරක් ලැබුණි. 

එම තොරතුර හඹා ගිය උකුස්සාට අනාවරණ වුණේ සමාජ මාධ්‍ය හරහා ජාවාරම්කරුවන් පිරිසක් Tocilizumab ඖෂධය අලෙවි කරන බවය.

එය තහවුරු කරගන්නට උකුස්සා පළමුව ජාවාරම්කරුවෙකු දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත්තේය.

ඒ අනුව එම ජාවාරම නීතියේ රැහැනට හසුකරදීම සඳහා උකුස්සා වැල්ලවත්තට ළඟාවන්නේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ද සමගිනි.

එහිදී ජාවාරම්කරු ඖෂධය අලෙවිය සඳහා රැගෙන ආවේය.

එම අවස්ථාවේම අදාළ නිලධාරීන් ඔහුව සිය භාරයට ගත්තේය.

කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු වැදගත් කරුණු රැසක් හෙළිකර තිබුණි.

උකුස්සා මෙම ජාවාරමේ නිරත තවත් අයෙකු දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගන්නේ එම තොරතුරු අනුවය.

එම ජාවාරම්කරු සොයා උකුස්සා කොම්පඤ්ඤවීදිය නවම් මාවතට ගමන් කළේය.

ඔහුව ද සිය භාරයට ගෙන නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ බොරැල්ල ප්‍රදේශයේ අයෙකු තමන්ට මෙම ඖෂධ ලබාදුන් බවය.

අනතුරුව ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සමග උකුස්සා බොරැල්ලට ළඟා විය.

එහිදී අදාළ පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුයේ ඉන්දියාවේ සිට අදාළ ඖෂධය මෙරටට රැගෙන ආ බවය.

Tocilizumab එන්නත් 5ක් ඔහුගේ නිවසේ ශීතකරණයක තිබී  සොයා ගත්තේය.

පසුව ඔහුව බොරැල්ල පොලීසිය වෙත රැගෙන ගොස් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළි වුයේ ඔහු පසුගිය මහමැතිවරණයට සමගි ජන බලවේගය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු අපේක්ෂකයෙකු ද වන බවය.

කොවිඩ් නිසා අසාධ්‍යව මරණය සමග සටන් කරන රෝගීන්ගේ ජීවිත සමග ඔට්ටු සෙල්ලම් කරන මෙවැනි ජාවාරම්කරුවන් ඉදිරියේදීත් නීතියේ රැහැනට හසුකරදීමට ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img