Monday, August 31, 2026
HomeNEWSකොවිඩ් රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යයි

කොවිඩ් රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යයි

කොවිඩ් රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යයි

ඊයේ මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 887 දෙනෙකු ඊයේ (21) වාර්තා වූ අතර එය මෙරටින් දෛනිකව හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන වේ.

ඒ අනුව 2020 ජනවාරි මස සිට මේ දක්වා මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් -19 ආසාදිතයින් ගණන 56,076කි.

එසේම ඊයේ මෙරට දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් -19 ආසාදිතයින් හමු වී ඇති අතර ඉන් 50%ක් පමණ වාර්තා වී ඇත්තේ කොළඹ, කලුතර සහ ගම්පහ (බස්නාහිර පළාත) දිස්ත්‍රික්ක තුනෙනි.  

ඊයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 337 දෙනෙකු හඳුනාගත් අතර එය දෛනිකව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද වන බව සෞඛ්‍ය අංශ පවසති.

කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 48 දෙනෙක්, ගල්කිස්ස ප්‍රදේශයෙන් 32ක්, මරදාන ප්‍රදේශයෙන් 29 දෙනෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 24ක් සහ පිළියන්දල ප්‍රදේශයෙන් 21 දෙනෙක් ලෙස ආසාදිතයින් ඊයේ කොළඹින් හඳුනාගෙන තිබුණි.

මීට අමතරව ඊයේ දිනයේදී වාර්තා වූ රෝගීන් 887 දෙනා අතරින් 136 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, 71 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන්ද, 51 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන් ද, 49 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 33 දෙනෙකු, අම්පාර දිස්ත්‍රික්කයෙන් 29 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 21 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img