Monday, August 31, 2026
HomeNEWSරේගුවේ හිටපු නිවාරණ අධ්‍යක්ෂ අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස්

රේගුවේ හිටපු නිවාරණ අධ්‍යක්ෂ අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස්

රේගුවේ හිටපු නිවාරණ අධ්‍යක්ෂ අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස්

රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හිටපු නිවාරණ අධ්‍යක්ෂ  කනකසබේ රංජන් මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂිවල පරස්පරතාවයක් දක්නට තිබෙන බවය.

මෙම විත්තිකරු චෝදනාවලට හසුකර ගැනීමේ අරමුණින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් සාක්ෂි ලබාදී ඇති බව පෙනීයන්නේ යැයිද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමේදී පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව එල්ලකර තිබූ චෝදනා 8 සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව විනිසුරුවරයා තීන්දු කළේය.

ඒ අනුව විත්තිකාර කනකසබේ රංජන් මහතා නිදොස් කොට නිදහස් කරන බව ඔහු නියෝග කළේය.

2012 වසරේ දෙසැම්බර් මස 01 වනදා සහ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ “වෙහිකල් ලංකා පුද්ගලික සමාගමේ” හිමිකරු හර්ෂ ප්‍රභාත් ද සිල්වා මහතාගෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අධි චෝදනා අටක් යටතේ  කනකසබේ රංජන් මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

ඊට අදාළ ලේඛන ද විත්තියේ නීතිඥවරයා විසින් අධිකරණයට භාර දී තිබේ.

එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලිම පිළිබඳව පෙබරවාරි මස 10 වනදා කරුණු සලකා බලන බව නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img