Monday, August 31, 2026
HomeNEWSමෛත්‍රී දුන් ප්‍රතිඥාව

මෛත්‍රී දුන් ප්‍රතිඥාව

මෛත්‍රී දුන් ප්‍රතිඥාව

තම පාලන කාලය තුළ ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගම් ඉල්ලා සිටියත් ඊට එකඟ නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

“මම ජනාධිපතිධූරය දරන කාලයේ දීත් මේ වරාය ඉල්ලුවා. මම බොහෝම පැහැදිලිව ම කිව්වා නැගෙනහිර පර්යන්තය දෙන්න පුළුවන්කමක් නෑ කියලා. ඒ වගේම මම ජනාධිපතිධූරය දරන කාලයේ දී වරයාට ගිහිල්ලා මම ජනාධිපතිවරයා විදියට ප්‍රතිඥාවක් දුන්නා මම කොහෙත්ම නැගෙනහිර පර්යන්තය විදේශ රටකට දෙන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ. ඒක නිසා නැගෙනහිර පර්යන්තය දීම සම්බන්ධයෙන් කොහෙත්ම එකඟ වෙන්න පුළුවන්කමක් නෑ. මම ආණ්ඩුව තුළ තිබුණ යම් යම් ගැටලුසහගත තත්ත්වයන් කවුරුත් දන්නවා. ඒකෙ දී අනෙකුත් පාර්ශවයන්වලින් මේ ගැන යම් යම් උනන්දුවීම් තිබුණා. නමුත් මම ඒවත් පුළුවන් තරම් පාලනය කර ගන්න උත්සහ කළා ඒ කාලය තුළ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img