මාරාන්තික උපවාසයේ යෙදී සිටි දෙදෙනෙක් රෝහලට
හම්බන්තොට උපවාසයේ නිරත ගොවීන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් අද (22) රෝහල්ගත කිරීමට ද සිදුවූ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
යෝජිත ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” කඩිනමින් ගැසට් කරන ලෙසට ඉල්ලමින් ගොවීන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද පස්වන දිනටත් ක්‍රියාත්මකය.
හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු සූරියවැව වල්සපුගල ප්‍රදේශයේදී පසුගිය 18 වනදා ආරම්භ කළේය.






















