Friday, November 6, 2026
HomeNEWSකොවිඩ් ලෝක වසංගතය සමඟ රට වැසීමෙන් ආර්ථීක අර්බුදයට ප්‍රබල බලපෑමක් සිදුවු බව...

කොවිඩ් ලෝක වසංගතය සමඟ රට වැසීමෙන් ආර්ථීක අර්බුදයට ප්‍රබල බලපෑමක් සිදුවු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියයි.

කොවිඩ් ලෝක වසංගතය සමඟ රට වැසීමෙන් ආර්ථීක අර්බුදයට ප්‍රබල බලපෑමක් සිදුවු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියයිකොවිඩ් ලෝක වසංගතය සහ ලෝක ආර්ථීක අර්බුදය හේතුවෙන් මඟ හැරුණු රටේ සංවර්ධනය යළි ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව මේ වන විට ආරම්භ කර ඇති බවත් ඒ සඳහා පක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලුම ජනතා නියෝජිතයින්ගේ සහයෝගය හිමිවිය යුතු බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.“සණස” ජාතික මහා සම්මේලනයට සමගාමීව පැවැත්වු රටේ ‍ආර්ථීකයේ ගමන් මඟ පිළිබඳව සංවාද මණ්ඩපයකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් ‍මේ බව පෙන්වා දෙන ලදී.මෙම ලෝක වසංගතය හේතුවෙන් රටවල් බොහෝමයක ආර්ථීකය කඩා වැටුණා. දියුණු යයි කියාගන්නා රටවල්වල පවා අර්බුද ඇතිවුණා.අපේ රට වසර 2කට ආසන්න කාලයක් විටින් විට වසා තැබුවා. රට වසා දැමීම හෙවත් ලොක් ඩවුන් කිරීමත් රටේ ආර්ථීක අර්බුදය ඇතිවීමට ප්‍රබලව බලපෑ බවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී. ජනතාවට කරන්න සැලසුම් කර තිබුණු සංවර්ධන ක්‍රියාදාමයෙන් අපි ගොඩක් ඈතට විසිවුනා. රටේ ආර්ථීකය බිඳ වැටිලා කොරෝනා වසංගතයත් එක්ක ඇතිවුණු පරිසරය ඒකට බලපෑවා. මේ රටේ ජනතාවට කරන්න තියෙන සංවර්ධන ක්‍රියාදාම නිසියාකාරව කරගන්න බැරිවුණා. ඒ නිසාම වර්තමානය වන විට අපි මහජන නියෝජිතයන් ලෙස ඡන්දයෙන් තේරිලා පත්වෙලා ඇවිල්ලා ජනතාවගේ සංවර්ධන ක්‍රියාදාමයක් ඉෂ්ට කිරීමේ වගකීම අපි ඉලක්ක කරගත්තු විදිහට කරන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන ප්‍රතිපත්ති සම්පාදනය යන සියලු දේවල් පාර්ලිමේන්තුවේදී සිදු කරන්න සිද්ධ වෙනවා. මහජනතාව වෙනුවෙන් සණස ව්‍යාපෘතිය තුළ රටපුරා ගම් 5000 සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ලැබිල තියෙනවා. එතනදී සණස කටයුතු කරන්නේ යථාර්ථය හඳුනාගෙන. බොහෝ වෙලාවට දේශපාලනය ඈත් කරන්න හදන අවස්ථාවකදී සණස දේශපාලනය සම්බන්ධ කරනගෙන ගම ඇතුළෙ ශක්තිමත් කරගෙන මහජන යාන්ත්‍රණයක් හදාගන්න අපිව උපයෝගි කරගෙන තියෙනවා.අපි හැමෝම දන්නවා කවුරු මොනවා කළත් මහජනයාත් එක්ක කරන ගණුදෙනුව ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුවේ බහුතරයක් පිරිස තවමත් ඒ කටයුත්ත සිද්ධ ‍කරනවා. ‍මම විශ්වාස කරනවා ඉදිරි කාලයේදී අද පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම මන්ත්‍රීවරයෙකුම දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ‍සම්බන්ධීකරණ කමිටු වල සභාපතිවරුන්. ඊට අමතරව තවත් වගකීම් පවරලා තියෙනවා. මමත් සම්බන්ධීකරණ කමිටු දෙකක් නියෝජනය කරනවා. අපේ රටේ මුළු ග්‍රාම නිලධාරී වසම් සියල්ලක් නියෝජනය වන විදියට අපිට පුළුවන්කම තියෙනවා නිලධාරීන්ව මෙහෙයවන්න. ඒ අයට උපදෙස් දෙන්න.ඊට අමතරව ඉලක්ක කර ගත් සම්ප්‍රදායික තත්ත්වයෙන් එහාට ගිය තත්ත්වයක්. විශේෂයෙන් අපේ රටේ ගොඩක් අය ප්‍රකාශ කරන්නේ. ප්‍රජා දායකත්වය ඇත් වෙලා ගිහිල්ල තියෙනවා. ප්‍රජාව එන්නෙ නැහැ කියලා. ඒ නිසා දැන් ප්‍රජාව එක්ක එකතු වෙච්ච මහජනයාගේ සුභ සාධනය ශක්තිමත් කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක තමයි මහජන නියෝජිතන් හැටියට අපිට අපේ පැත්තෙන් කරන්න තියෙන මග පෙන්වීම හා යුතුකම. ඒක අපිට කරන්න මේ අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා. ඒ වගේම අය වැය ලේඛනය ඉදිරිපත් කරනකොට අපිට ආපහු සැරයත් පරණ විදිහට නැවතත් පොදු මහජනතාවට සේවය කරන අවශ්‍ය යම් යම් මුදල් ප්‍රමාණයක් ලැබෙන අවස්ථා තියෙනවා. ඒ වගේම සණස ව්‍යාපාරය ගොඩනගන ජනතාවගේ සංවර්ධන ක්‍රියාදාමයට එය සෘජුවම සහයෝගය ලබාදී තිබෙනවා. අපි වෙනදට වඩා ශක්තිමත්ව සම්ප්‍රදායෙන් එහා අපිට ගිය සම්ප්‍රදායක් අපිට තියෙනවා. ඉතින් මං හිතනවා පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයින් විශාල පිරිසක් මේකට දායකත්වය ලබාදී තිබෙනවා. සමස්ත රටම මේ කාර්ය භාර්ය ඉටු කරනවා.දේශපාලඥයෙක් හැටියට මම කල්පනා කළ දෙයක් තමයි දැන් ගොඩක් වෙලාවට අපේ රටේ කොහේ ගියත් අපිට බෙදීම් දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට දේශපාලන විදිහට බෙදුනහම දකින්නෙම කොරහෙ කිඹුල්ලු විදිහට. එය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් බලපානවා. නමුත් මේ අපි අද කතාකරන සංවර්ධන ක්‍රියාදාමය පක්ෂ දේශපාලනයකින් තොරව සියලු දෙනා ඒකාබද්ධ වෙච්ච දේශපාලනයේ හැම පිලක්ම එකට එකතු කරගත්තු ක්‍රියාදාමයක්. සාම්ප්‍රදායික දේශපාලන බැදිමකින් තොරව අද මේ වේදිකාව ගත්තත් එහෙම දෙයක් පෙනුනේ. පාර්ලිමේන්තුවේ පසුගිය දවස්වල කතා වුණෙත් ඒ විදිහටමයි. ඒ නිසා මේ බෙදීම නැතිවෙන්න අපි මේ සංවිධාන ගත වෙච්ච මා විශ්වාස කරනවා අපේ ඉලක්ක ජයගන්න හැකිවෙයි කියලා. අපි ‍ඒ ඉලක්කයට යන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් සියල්ලම අපි අනිවාර්යෙන් ඉෂ්ට කරනවා.”යනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථනායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.අ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img