Tuesday, September 22, 2026
HomeNEWSLatest Newsකොවිඩ්-19 ට සොයාගත් දේශීය ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධවල විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම්...

කොවිඩ්-19 ට සොයාගත් දේශීය ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධවල විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

කොවිඩ්-19 ට සොයාගත් දේශීය ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධවල විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

කොවිඩ් -19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබේ.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මුලිකත්වයෙන් සැකසූ කොවිඩ් සදහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යතුමා  ජාතික පර්යේෂණ සභාවට නිර්දේශ කර ඇත.

කෑගල්ල ධම්මික බණ්ඩාර වෙද මහත්මයාගේ පැණිය පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරන අතර ඒ පිළිබඳව පර්යේෂණ සඳහා මෙරට සියලුම වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සපිරි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාව වෙනුවෙන් ජාතික පර්යේෂණ සභාවේ සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා යොමු වී සිටිති.

මේ අතර ලෝකයේ කොවිඩ්-19 සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග ගැන හැදෑරීමක් කොට ඒ පිළිබඳ වාර්තාවක් සපයන්න යැයි  මෙයට පෙර ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබිණි.

ඒ අනුව සකස් කළ වාර්තාව පදනම් කර ගනිමින් කොවිඩ් -19ට මෙතෙක් සොයාගෙන ඇති විශිෂ්ටතම එන්නත් වර්ග තුන සම්බන්ධ සී.ඩී.ඒ වාර්තාව ජාතික පර්යේෂණ සභාව විසින් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහතමියට භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img