Tuesday, September 1, 2026
HomeNEWSකොළඹ තුරඟ තරග පිටිය (RaceCource) වෙළඳසැල් ව්‍යාපාරිකයන්ට සහන රැසක්.

කොළඹ තුරඟ තරග පිටිය (RaceCource) වෙළඳසැල් ව්‍යාපාරිකයන්ට සහන රැසක්.

කොළඹ තුරඟ තරග පිටිය (RaceCource) වෙළඳසැල් ව්‍යාපාරිකයන්ට සහන රැසක්.

රට තුළ පැතිර යන කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් ව්‍යාපාර කටයුතු අඩාල වූ කොළඹ රේස් කෝස් පිටියේ වෙළඳසැල් හිමියන් ගෙවිය යුතු හිඟ මුදලින් 50% ක් කපා දැමීමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

මේ අනුව, ගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වූ හිඟ මුදලින් 50% ක් කපා හැර තිබේ. ඒ හැර ඉතිරිවන වෙළඳසැල් කුලියට තවත් සහනයක් ලබා දී ඇත. එම හිඟ මුදල ගිවිසගත් ඉදිරි කාලය තුළ ගෙවා දැමීමට අවසර ලබාදීම එම සහනයි. 

මීට අමතරව තවත් සහන කිහපයක් ඔවුන්ට ලබා දී ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. එම සහනවලට අනුව, අදාළ ව්‍යාපාර ස්ථාන පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් වන ප්‍රචාරක කටයුතු සහ පාරිභෝගිකයන් එම ව්‍යාපාර ස්ථානවලට ආකර්ෂණය කර ගැනීම සඳහා නව අලෙවි උපාය මාර්ග දියත් කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පෙන්වා දෙන ලදී.

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් මෙම සහන නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර රේස් කෝස් පිටියේ ව්‍යාපාරිකයන් දිරිගැන්වීමේ අරමුණින් මෙම සහන ලබා දෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පෙන්වා දෙන ලදී. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටි 2014 වසරේ නවීකරණය කරන ලද මෙම රේස් කෝස් පිටියේ ව්‍යාපාරික ස්ථානයේ මෙතෙක් ව්‍යාපාර කටයුතු කළ ව්‍යාපාරිකයන් මෙම ස්ථානයේ ම රඳවා ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවය තිබෙන බව ද, අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය. 

මෙම ස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි නව වැඩසටහන් පවත්වාගෙන යාමට ව්‍යාපාරිකයින්ට ක්‍රියාකළ යුතු බවත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවත් ලේකම්වරයා සඳහන් කළේ ය. මේ පිළිබඳව කළ සොයාබැලීමේ දී පසුගිය වසර කිහිපය තුළ පාරිභෝගිකයන් වෙත උසස් සහ සංග්‍රහශීලි සේවාවක් නොලැබුණු බව ද හෙළි වී තිබේ. එම තත්වය වෙනස් කිරීමට වර්තමාන ආණ්ඩුව යටතේ කඩිනමින් පියවර ගනිමින් සිටින බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

ව්‍යාපාර 21 කින් ඇරඹුණු රේස් කෝස් පිටිය ආශ්‍රිත ව්‍යාපාර සංකීර්ණය අවන්හල් ඇතුළු එකිනෙක වෙනස් වෙළඳ කුටිවලින් සැකසී තිබේ. මේ වන විට ඉන් වෙළඳ කුටි දෙකක් වැසී ගොස් ඇත. 

වෙළඳකුටි 19 ක් මුහුණ පා ඇති ගැටළුවලට මේ ආකාරයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කිරීම ගැන එහි හිමිකරුවෝ, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ රජයට තම ප්‍රසාදය පළ කළහ. මෙම සියලු ව්‍යාපාරිකයන් පොදුවේ මෙන් ම පෞද්ගලිකව හමුවී සාකච්ඡා කර ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙසට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා උපදෙස් ලබා දුන් බවත් ඒ ආකාරයෙන් මෙම ගැටළු විසඳා රේස් කෝස් වෙළඳසැල් පවත්වාගෙන යෑමට ක්‍රියාකරන ලෙසට නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බවත් අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ ය. එම වැඩසටහන සඳහා අදාළ ව්‍යාපාරිකයින්ගේ සහාය ද හිමි විය යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පෙන්වා දෙන ලදී.

මෙම කරුණු අනාවරණය වූයේ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සහ රේස් කෝස් වෙළඳසැල් හිමියන් අතර පසුගිය දා පැවති සාකච්ඡාවක දී ය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව සහ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට රේස් කෝස් පිටියේ ව්‍යාපාරිකයන්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරු සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img