බුද්ධ ශාසන අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා යටතට පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
බුද්ධ ශාසන අමාත්‍යංශය ජනාධිපතිවරයාගෙන් ඉවත්කර අග්‍රාමාත්‍යවරයා යටතට පත්කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන බවට තීන්දුවක් ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවක් මතුකර තිබේ.
නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.
මෙම පෙත්සම අද (18) සලකාබැලීම සඳහා එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මේ වනවිට අහෝසිකර තිබෙන හෙයින් මෙම පෙත්සම පවත්වාගෙනයාමට හැකියාවක් නොමැති බව පෙන්වාදුන්නේය.
ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය අහෝසිකර තිබුණ ද පෙත්සම පවත්වාගෙනයාම සඳහා එය බාධාවක් නොවන බවය.
කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ජුලි මස 09 වනදා සලකාබැලීම සඳහා කැඳවන ලෙස නිවේදනය කළේය.
පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධ ශාසන අමාත්‍යංශය පැවතිය යුත්තේ ජනාධිපතිවරයා යටතේ බවය.






















