කොළඹ නගරසභා සීමාවේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරේ
ග්‍රෑන්පාස්, මාලිගාවත්ත සහ දෙමටගොඩ යන පොලිස් බල ප්‍රදේශය හෙට (11) උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ද හෙට උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කර තිබේ.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා බව ඉවත්කර ඇති ප්‍රදේශ,
- වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාමනිලධාරී වසමේ දූව වත්ත
- කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාමනිලධාරී වසමේ වෙඩිකන්ද
- මීගමුව පොලිස් වසමේ තල්දුව ග්‍රාම නිලධාරි වසමේ MC නිවාස යෝජනා ක්‍රමය.
මේ වනවිට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.






















