ඔස්ට්‍රේලියාවේ මෙල්බර් නුවරදී අද පැවැති සම්ප්‍රදායික බොක්සින් ඩේ ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දියානු ක්රීඩකවිරාත් කෝලිගේ හැසිරීම සම්බන්ධයෙන්හිටපු ක්‍රීඩක රවි ශාස්ත්‍රි ඇතුළු ක්‍රිකට් විස්තාර විචාරකින් රසකගේ අප්‍රසාදය පළ වී තිබේ. අද පැවති තරඟයේදී විරාජ්කෝලේ හිතා මතාම ඔස්ට්‍රේලියානු පිතිකරු සෑම් කොන්ස්ටර්ස්ගේ උරහිසේ ගැටුණු බවට මාධ්‍ය වාර්තා පළවිය. විරාජ්කෝලී වැනි ප්රවීණයෙක්ගෙන් මෙවැනි හැසිරීමක් කිසිසේත්ම අපේක්ෂා නොකරන බව රවී ශාස්ත්‍රී ප්‍රකාශ කර ඇතිඅතර තවත් ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකින් කිහිප දෙනෙකුම පෙන්වා දී ඇත්තේ විරාජ් කෝලි වැනි ක්‍රීඩකයෙකුගෙන් මෙවැනි හැසිරීමක් කිසිසේත්ම අපේක්ෂා නොකරන බවයි.මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ උරහිස් එකිනෙක ගැටීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පාලනය වූයේ ක්‍රිකට් පිටියේ විනිසුරුවරයෙකු මැදිහත් වූ නිසාය.සම්ප්රදායක් ලෙස නත්තල් දිනයට පසු දින ආරම්භ කරනු ලබන ටෙස්ට් ක්‍රිකට් තරග හැඳින්වෙන්නේ බොක්සින් ඩේ ටෙස්ට් ක්‍රිකට් තරඟය නමින්.






















