Wednesday, September 23, 2026
HomeNEWSගමසමඟපිළිසඳරෙන්පොළොන්නරුවටපොරොන්දුවූනවනිවාස 113ක්ඉදිකිරීමලබනසතියේ - අමාත්‍යනාමල්රාජපක්ෂමහතා

ගමසමඟපිළිසඳරෙන්පොළොන්නරුවටපොරොන්දුවූනවනිවාස 113ක්ඉදිකිරීමලබනසතියේ – අමාත්‍යනාමල්රාජපක්ෂමහතා

පොළොන්නරුව වෙඩිකච්චිය ගම්මානයේ පැවැති ගම සමඟ පිළිසඳර 06 වැනි වැඩසටහනෙන් පොරොන්දු වූ පරිදි එම ගම්මානයේ ජනතාවට නව නිවාස 113ක් ඉදිකිරීම ලබන සතියේ ආරම්භ කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගම සමඟ පිළිසඳර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමට පොළොන්නරුව වෙඩිකච්චිය ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (29) දින මේ බව අවධාරණය කළේය.

ජනපති ගම සමඟ පිළිසඳර හය වැනි වැඩසටහන මෙයට මාස හතරකට පෙර පොළොන්නරුව මැදිරිගිරිය, වෙඩිකච්චිය ගම්මානයේ දී පැවැත්විණි. 

එහිදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යවශ්‍ය පහසුකම් රහිත වෙඩිකච්චිය ග්‍රාමයේ දැනට තිබෙන නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දෙන බව ප්‍රකාශ කළේය.

ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපතිවරයා වශයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳ පසු විපරමක යෙදීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාවේ නිරතවිය.

ඒ සඳහා ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ද එක්ව සිටියේය.  ලක්ෂ හය බැගින් ආධාර ලබා දෙමින් එම නිවාස 113 හි කටයුතු ආරම්භ කෙරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

මෙයට අමතරව මෙම ගම්මානයේ කිලෝමීටර් 08ක ග්‍රාමීය මාර්ග පද්ධතිය, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ඉතා කඩිනමින් ආරම්භ කෙරෙනු ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, ඉන්දික අනුරුද්ධ,  අනුරාධ ජයරත්න, තේනුක විදානගමගේ, රොෂාන් රණසිංහ, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහත්වරු, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යශවල නිලධාරි පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි 2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු...

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img