Wednesday, June 3, 2026
HomeNEWSයාපනයේපළමුඑන්නත්කරණයන්නිරීක්ෂණයටඅමාත්‍යනාමල්රාජපක්ෂමහතාඑක්වෙයි.

යාපනයේපළමුඑන්නත්කරණයන්නිරීක්ෂණයටඅමාත්‍යනාමල්රාජපක්ෂමහතාඑක්වෙයි.

යාපනයේපළමුඑන්නත්කරණයන්නිරීක්ෂණයටඅමාත්‍යනාමල්රාජපක්ෂමහතාඑක්වෙයි.

කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනයට රට පුරා ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩසටහනේ (30) දින යාපනය දිස්ත්‍රික්කය ආරම්භ කළ එන්නත්කරණ ක්‍රියාවලිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

පළමු අදියර වශයෙන් යාපනය දිස්ත්‍රික්කය තුළ 50,000ක පිරිසක් මෙසේ එන්නත්කරණයට ලක් කෙරෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

සංචරණ සීමාවන්ට යටත්ව ක්‍රියාත්මක මෙම එන්නත්කරණ වැඩසටහන ඉදිරි දින කිහිපය තුළත් යාපනයේ ස්ථාන කිහිපයක දී පැවැත්වෙයි.

නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

ඉදිරි කාලසීමාව තුළ අතිගරු ජනාධිපතිතුමත් කොවිඩ් කාර්ය සාධන බලකායත් සමඟ එක්ව ඔවුන්ගේ නිර්දේශවලට අනුකූලව වැඩි අවධානමක් තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ග්‍රාමසේවා වසම් හඳුනාගෙන එන්නත්කරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක  වෙනවා. 

යාපනය දිස්ත්‍රික්කයේ දැනට එන්නත්කරණය සිදුකරන ග්‍රාමසේවා වසම්වල ජීවත් වන අවුරුදු 30ට වැඩි ආදරණීය සහෝදර සහෝදරියන්ට සහ දෙමව්පියන්ට පැමිණ මෙම එන්නත ලබාගන්නා ලෙස‍ට ගෞරවයෙන් ආරාධනා කරනවා. 

ඒ වගේම අනෙකුත් ග්‍රාමසේවා වසම්වලටත් ඉදිරි කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ කළ පසු එන්නත්කරණය සිදුවන නිසා ඡන්ද හිමි නාම ලේඛනයේ තම තමන්ගේ නම තිබෙන ග්‍රාමසේවා වසමේ එන්නත්කරණ  මධ්‍යස්ථානය වෙත පැමිණ තමන්ගේ එන්නත ලබා ගන්නැයි අමාත්‍යවරයා ආරාධනා කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරු සහ යාපනය දිස්ත්‍රික් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ලස් මහත්මිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img