Tuesday, September 22, 2026
HomeNEWSවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය.... ...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය…. සියලු ආබාධිත ප්‍රජාවට එන්නත්රණයේ ප්‍රමුඛතාව දෙමු!


කොරෝනා ව්‍යසනය හේතුවෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණත්වයකට පත්වූ පිරිසක් බවට ආබාධිත සහ වි‌ශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව හඳුන්වාදිය හැක.මේ වනවිට විවිධ පාර්ශව කොරෝනා ඒන්නත පිළිබඳව සිය අවශ්‍යතාවය සහ ප්‍රමුඛතාවය ඉදිරිපත් කරන නමුත්,ඒ් ප්‍රමුඛතා ලයිස්තුවල මෙරට ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සිහිත පිරිස් ඇතුලත්ව නැත.        2012 වර්ෂයේ දී කළ සංගණනය ප්‍රකාරව මෙරට ආබාධිත වූවන් මිලියන 1.7ක් සිටින බව හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් අතිමහත් බහුතරය මේවනවිට සිටින්නේ දැඩි සමාජ,ආර්ථික ගැටලු රැසකට මැදිවය. ඔවුන් බොහෝ දෙනෙකුගේ ජීවන මාර්ග බිඳ වැටී ඇති අතර ඒ් හේතුකොටගෙන ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටී ඇත.කොරෝනා ව්‍යසනය හේතුවෙන් උද්ගතව ඇති බරපතල කඩා වැටීමෙහි දරුණු ඛේදවාචකය ආබාධිත, විශේෂ අවශ්‍යතා ඇති පිරිස භුක්ති විඳිමින් සිටී.කොරෝනා මර්ධනය පිණිස සිදුකරන එන්නත්කරණය  දැඩි සේ දේශපාලනීකරණය වී ඇති අතර ආණ්ඩුවේ පාක්ෂිකයෙකු වීම සහ නොවීම ජීවත් වීමට හෝ නොවීමට හේතුවක් බවට පත්කර ඇත. මෙතරම් ලජ්ජාසහගත සහ බියගුළු ලෙස ‌සෞඛ්‍යමය කාරණාවක් අබියස මිනිස් ජීවිත බෙදා වෙන් කිරීම ගෝත්‍රික සමාජයක හෝ දැකිය නොහැකි තත්ත්වයක් වුවද අද එය එතරම්ම පහළට වැටී ඇත.     එවන් පසුබිමක් සහ එන්නත්කරණ මාෆියාවක් තුළ අසරණ වන්නේ නැතිබැරි පිරිස් වන අතර ආබාධිත ප්‍රජාවද එහි ගොදුරක් වෙයි.ආබාධ සහිත පුද්ගලයා සහ ආබාධ නොවන සමාන්‍ය පුරවැසියා ද සම අයිතිවාසිකම් සහ වරප්‍රසාද සහිතව සමාජය තුළ ජීවත් විය යුතු අතර, ආබාධ සහිත පුද්ගලයන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් වූ පසුබිම සලසා දීම රජයේ වගකීම වන අතර ශිෂ්ඨත්වය පිළිබඳව අංශුමාත්‍රයක හැඟීමක් තිබේනම් මෙරට ජීවත්වන ආබාධිත විශේෂ අවශ්‍යතා ඇති පිරිස් වෙත එන්නත්කරණය සිදුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img