ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනරැළි මාලාවක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සංවිධානය කර ඇත.ඒ එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ට සහාය ලබාදීම වෙනුවෙනි.එම ජනරැුලි මාලාව දකුණු පළාතෙන් ආරම්භ වීමට නියමිතය අතර සෙනසුරාදා දිනයේ බෙලිඅත්ත ක්‍රීඩාංගනයේදී එහි පළමු රැළිය පැවැත්වෙයි.ඉන් අනතුරුව මිද්දෙනිය නගරයේදීත් තිස්සමහරාම නගරයේදිත් ජනරැුලි පැවැත්වීමට සංවිධානය කර තිබේ.ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිවරයා රට පුරා ජනරැුලි රාශියක් ඇමතීමට නියමිතව ඇත.






















