Sunday, September 20, 2026
HomeNEWSරටේම වැඩ වර්ජන මෙහෙයවපු කට්ටිය දැන් උද්ඝෝෂකයින්ට එළව එළවා පහර දෙන බව...

රටේම වැඩ වර්ජන මෙහෙයවපු කට්ටිය දැන් උද්ඝෝෂකයින්ට එළව එළවා පහර දෙන බව සජිත් කියයි.

*විපක්ෂයේ සිටියදි උද්ඝෝෂණ හා වැඩවර්ජන මෙහෙය වූ මේ රජය බලයට පත් වූ පසු උද්ඝෝෂණවලට එලව එළවා පහර දෙන්නත් පටන් අරන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*මෙරට ජනතාව සුවිශාල ජනවරමක් දී ජනාධිපතිවරයා සහ 2/3 සහිත පාර්ලිමේන්තුවක් පත් කර ගෙන තමන්ගේ ගැටලුවලට විසදුම් සහ උත්තර අපේක්ෂා කළත් මේ රජය වැඩක් කරන්න බැරිව බොරුව, නොමඟ යැවීම, ඇන්දවීම,ප්‍රශ්න මග හැරීම ආදිය සිදු කරමින් යන බවත් විදුලි විසන්ධියට, පොල් හිඟයට හේතුව රිලව් බවත් හාල් හිඟයට හේතුව බල්ලෝ බත් කෑම බවත් රටේ ජනතාව පොල්සම්බෝල සහ බත් කැමත් රජයට බරපතළ ගැටලුවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මෙවැනි අඳබාල උත්තර සපයන්න විශාල ජනවරමක් දුන්නාද කියා ප්‍රශ්න කරන බවත් රටේ බහුතරයක් දුුක්ගින්නෙන් බඩගින්නෙන් පෙළෙන බවත් වේල් තුන තියා එක වේලක් කන්න බැරි මිනිසුන් සිටින බවත් ඊට අමතරව ආහාර සහ පාසල් දරුවන්ගේ බඩු සඳහා ද බදු පිට බදු ගසා ඇති බවත් එවැනි තත්ත්වයක් මත රැකියා විරහිත උපාධිධාරීන් රවටා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේම සංවර්ධන නිලධාරින් කොරෝනා කොවිඩ් සමයේ ගුරු හිඟය පියවන්න කටයුතු කළත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේ දි පහර දී එළවා දැමු බවත් එදා වැඩවර්ජනවල උද්ඝෝෂණවල නිර්මාතෘවරුන් වූ වත්මන් රජය අද බලයට පැමිණි පසු උද්ඝෝෂණ වැඩවර්ජන ආදිය තහනම් බවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් හඬක් නැගීමද වරදක් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය නියෝජණය කරන කැගල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.*අද වන විට නීතිය හා සාමය බිද වැටී කැලෑ නිතිය ක්‍රියාත්මක බවත් පාතාල කල්ලි මිනිමරුවන් දූෂිතයන් ආදිය ජන සමාජය ග්‍රහණයට ගෙන ජීවත් විමේ අයිතිය පවා නැති කර ඇති බවත් මේ වසරේ මේ දක්වා මේ නිසා 22ක් ඝාතනය වී ඇති බවත් අත්අඩංගුවට ගන්න නියමිත පොලිස්පති හොයන්න රජයටවත් නොහැකි වී ඇති බවත් එවැනි තත්ත්වයක් තිබියදී ජාතික ආරක්සාව ගැන ටියුෂන් දෙන්නම් කියා කයිවාරු ගහන ඇමතිවරු නම් සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.තවස අද රටේ ඇත්තේ වැඩ බැරි අදක්ෂ ආණ්ඩුවක් බවත් මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස පහළ තලයේ මහජන නියෝජිත දේශපාලනය ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.NEWS CLIP 🧧 https://youtu.be/6oTV64eYxYM?si=7SLh4RNbW_40XY8X

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img