ගල්අඟුරු වංචාව පිළිබඳව හෙළිදරව් කිරීමේ විශේෂ මාධ්ය හමුවට අද (08) සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා.
වැඩිදුරටත් ඒ් මහතා මෙසේ පැවැසීය,
”ප්රමිතියෙන් තොර ගල් අඟුරු ලංකාවට ගෙන්වීම , ප්රමිතියෙන් තොර ගල් අඟුරුවල වාර්තා නොගැළපෙන බවත් හෙළි කර ඒ් හරහා රටට විශාල මූල්ය අලාභයක් සිදු වූ බව හෙළි කරන්න පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස මම කටයුතු කරනු ලැබුවා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ප්රමිතියෙන් තොර ගල් අඟුරු ලංකාවට ගෙන්වීම හරහා රටට සිදුවුණ මූල්ය පාඩුව ගණනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ අනුව විදුලිබල අමාත්යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්රධානත්වයෙන්, විදුලිබල අමාත්යාංශයේ ප්රධාන මූල්ය නිලධාරීවරයා, මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂකවරයා, ජාතික පද්ධති කළමනාකරණ සමාගමේ ප්රධාන විධායක නිලධාරීවරයා, ලංකා කෝල් සමාගමේ සාමාන්යාධිකාරීවරයා සහ ලක්විජය බලාගාරයේ නියෝජ්ය කළමනාකාරවරයාගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබුවා.
එම කමිටුව විසින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට ප්රමිතියෙන් තොර ගල් අඟුරු ලංකාවට ගෙන්වීම හරහා සිදුවූ මුල්ය පාඩුව පිළිබඳව වාර්තාව ලබාදෙනු ලැබුවා. ඒ් අනුව එම වාර්තාවේ අන්තර්ගතයන් සහ ප්රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම නිසා සිදුවූ පාඩුව පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා.
ඒ අනුව ප්රමිතියෙන් තොර ගල් අඟුරු නිසා ලක් විජය බලාගාරයට අඅවශ්ය වන මෙගාවොට් 300 නිෂ්පාදනය කරන්නට වැඩිපුර ගල් අඟුරු යොදවන්න සිද්ධ වූ බව වාර්තාවේ සඳහන් වෙනවා. ඒ් අනුව ජනවාරි පළවෙනිදා සිට සැප්තැම්බර් මාසේ 15 වෙනිදා කාලය තුළ පාඩුව මිලියන 799ක් බව වාර්තාවේ දැක්වෙනවා. ඒ වගේම ප්රමිතියෙන් තොර ගල් අඟුරු නිසා නඩත්තු කළමනාකරණය වැඩිපුර කරන්න සිදුවෙලා තිබෙනවා, ඒ සඳහා පාඩුව මිලියන 80.4 ක්. ඒ වගේම කිලෝ කැලරි 5900 නොමැතිකම හේතුවෙන් වැඩිපුර අළු ප්රතිශතයක් පැමිණ තිබෙනවා. ඒ අළු ප්රතිශතය පාලනය කරන්න මිලියන 13.1ක් වැය වෙලා තිබෙනවා. ඒ වගේම ලක්විජය බලාගාරයේ එක යන්ත්රයක් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන්නත් සිද්ධ වෙලා තිබෙනවා.
ඊට අමතරව මෙගාවොට් 300 උත්පාදනය නොවීම නිසා අඛණ්ඩ විදුලිය පවත්වාගෙන යෑම සඳහා තවත් රුපියල් මිලියන 8573 ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන තිබෙනවා. ඒ අනුව මිලියන 15,681 ක පාඩුවක් සිද්ධ වී තිබෙන බව වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම ගල් අඟුරු නැව් 25 ක් පැමිණිමට නියමිතව තිබුණා නමුත් පැමිණියේ ගල් අඟුරු නැව් 19 යි. ඒ නිසා ඉතුරි නැව් සඳහා හදිසි මිලදී ගැනීමේ තත්ත්වයක් ප්රකාශයට පත් කරන්න රජය කටයුතු කළා. ඒ අනුව හදිසි මිලදී ගැනීම් යටතේ නැව් පහකින් ගල් අඟුරු මෙට්රික් ටොන් ලක්ෂ තුනක් වැඩිපුර ගෙනැවිත් තිබෙනවා.
ඒ සඳහා වැඩිපුර මිලියන 2284 ක් ගෙවනලා තිබෙනවා. ඒ අනුව වැඩිපුර ගල් අඟුරු පරිභෝජනය කිරීම, අළු කළමනාකරණය කිරීම, යන්ත්රසූත්ර අලුත්වැඩියාවලට, අතිරේක විදුලිය මිලදී ගැනීමට සහ වැඩි මිලට හදිසි මිලදී ගැනීම නිසා සිදු වූ මූල්ය පාඩුව මිලියන 17,965ක්. මෙය මහ බැංකු බැඳුම්කර වංචාව වගේ එකහමාර ගුණයකට වැඩියි.
ඒ් වගේම ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය නොවීමේදී ඩීසල් , ෆර්නස් වලින් සහ වතුරෙනුත් විදුලිය ලබාගෙන තිබෙනවා. ඒ වතුරෙන් විදුලිය ලබා ගැනීමේ පිරිවැය නැහැ, එයත් එකතු විය යුතුයි. ඒ් වගේම ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ නිසා විදුලිය ජනනය කිරීම සඳහා විදුලිබලය භාවිතා කරන්න වැඩි ප්රමාණයක් වැය වීම තුළ ආණ්ඩුව ලබා දෙන සහනාධාරය ගණනය වෙලා නෑ. අතිරේක විදුලිය නිෂ්පාදනය සඳහා සාමාන්යයෙන් පැමිණෙන නැව් ප්රමාණයට වඩා වැඩි නැව් ප්රමාණයක් ගේන්න සිද්ධවුණා. ඒ හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩුව ලබා දෙන සහනාධාරය ඇතුළත්, ඒ සහනාධාර පාඩුව ගණනය කරලා නැහැ. ඒ නිසා එයත් සතියක් ඇතුළත ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ් අනුව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන්නට නියමිතයි.
ඒ් වගේම හදිසි මිලදී ගැනීමේදී නැව් පහෙන් එක නැවක් අවශ්ය කිලෝ කැලරි ප්රමාණය නොතිබීම නිසා ඒ නැව අවලංගු වුණා. නමුත් ඒ වෙලාවේ අඛණ්ඩ විදුලිය ලබා දීම සඳහා එම සමාගමටම අවස්ථාවක් ලබා දීලා තිබුණා හයවෙනි නැවක් ගේන්න. ඒ නැව පැමිණිමට තිබුණේ අගෝස්තු මාසේ 27 වෙනිදා, නමුත් ඒ් නැව දවස් පහක් පරක්කු වුණා. ඒ පරක්කු වීම තුළ මෙගාවොට් පැය 3300 ගාණක් අතිරේක ගන්න සිද්ධ වුණා. මේ පාඩුව රට විසින් දැරිය යුතු නැහැ. අදාල සමාගම මෙම පාඩුව රටට ගෙවිය යුතුයි. ඒ පාඩුව දළ වශයෙන් රුපියල් මිලියන 400 කට වඩා වැඩියි.
කෙසේ නමුත් කුමාර ජයකොඩි ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේදී තමයි ප්රමිතියෙන් තොරගල් අඟුරු ගෙනාවේ. මේ ප්රසම්පාදන ක්රියාවලිය සිද්ධ වුණේ ඒ් කාලයේදී. ඇතැම් ප්රසම්පාදන අතරමග නතර කර මේ තත්ත්වයට යන්න සිද්ධ වුණා. ඇමතිවරයා වශයෙන් , ජනාධිපතිගේ මිත්ර කුමාර ජයකොඩි මෙම මහා පරිමාණ මූල්ය වංචාවට සෘජුව වගකිව යුතුයි. කුමාර ජයකොඩිට විශ්වාසභංගයක් ගෙනාවා, ඒ අවස්ථාවේ බාල ගල් අඟුරු ගෙන්වීම හරහා මූල්ය පාඩුවක් සිදුවී තිබෙන බව ප්රකාශ කරද්දීත් ආණ්ඩුව 159 භාවිතා කරලා කුමාර ජයකොඩිව ආරක්ෂා කළා. නමුත් ඊට පස්සේ ජනතාවගේ විරෝධය මැද ඔහුට ඉල්ලා අස්වන්න සිද්ධ වුණා. එහෙම ඉල්ලා අස්වෙලා නිකන් ඉන්න බැහැ, වැරදි කරපු පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබාදෙන්න කටයුතු කළ යුතුයි.
ඒ් වගේම රටේ ජනතාවගේ රීරි මාංශ උරා බොනවා වගේ ආණ්ඩුව බදුවලින් ජනතාව මිරිකලා තිබෙනවා. නැවෙන් ගොඩබාන මිලට තෙල් දෙන්නම් කියු පිරිස පෙට්රල් ලීටරේ 411ට වැඩි කරලා තියෙනවා. මේ නිසා බස් ගාස්තු , ආහාර ද්රව්ය ඇතුළු සියල්ලගේ මිල වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම තුනෙන් එකකින් විදුලි බිල අඩු කරනවා කියපු ආණ්ඩුව සියයට 150 කින් විදුලි බිල වැඩි කරලා තියෙනවා. ආණ්ඩුව මේ ආකාරයට ජනතාව පීඩාවට පත් කරන්නේ බාල ගල් අඟුරු ගෙන්වීමෙන් වුණ පාඩුව මකාගන්න. ඒ වගේම අතිරේක විදුලිය නිෂ්පාදනය සඳහා අධික ලෙස තෙල්වලින්, ඩීසල්වලින්, ෆර්නස්වලින් නිෂ්පාදනය කරන විදුලිය ඉහළ මිල ගණන්වලට ඒකක මිලදී ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ පාඩුව පියවගන්න විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. ඒ් නිසා තෙල් මිල වැඩි කිරීමෙත් , විදුලි බිල වැඩි කිරීමෙත් පිටුපස තියෙන්නේ බාල ගල් අඟුරු මාෆියාව. මේ සඳහා ආණ්ඩුව සෘජුව වගකිය යුතුයි, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගන්න පියවර කුමක්ක කියා සමගි ජන බලවේගය බලාගෙන සිටිනවා. කෙසේ නමුත් මේ වාර්තාව අපි පාර්ලිමේන්තුවට ලබා දෙනවා. කෙසේ හෝ බඩු මිල වැඩිවීමට, තෙල් මිල වැඩිවීමට, විදුලි බිල වැඩිවීමට බලපෑවේ මහා පරිමාන ගල් අඟුරු හොරකම බව හොඳින්ම පැහැදිලියි.”






















