Monday, August 31, 2026
HomeNEWSග්‍රාමීය ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සපුරාදීමේදි ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට...

ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සපුරාදීමේදි ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙනවා……..

ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සපුරාදීමේදි ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙනවා……..
-ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ

මෙවර අයවැයෙන් යෝජනා කර ඇති “සැමට ජලය” ව්‍යාපෘතිය හරහා ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සපුරාදීමේදි ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙන බව ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය දා (2021.01.20) අරලියගහ මන්දිරයේ පැවති ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.
මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින පානීය ජල සැපයුම්, ජල සම්පාදන මණ්ඩලය හා ප්‍රජා ජල ව්‍යාපෘති මඟින් වඩාත් පුළුල් කොට කාර්යක්ෂම කිරීමෙන් රටේ සියලු නිවාස වලට පානීය ජල පහසුකම් ලබාදීමට මෙවර අයවැය මගින් විශාල මුදලක් වෙන් කර ඇති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් ජලය සැපයිය නොහැකි ප්‍රදේශවලට සහ දෙපාර්තමේන්තුවට විභවතාවයක් පවතින ප්‍රදේශවල උග්‍ර ජල හිඟයෙන් පීඩාවිඳින ග්‍රාමීය ජනතාවට ප්‍රජා ජල අභිමාණි වැඩසටහන හරහා සුරක්ෂිත පානීය ජලය ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලෙසද එහිදි බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.
පස් අවුරුදු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රජා ජල අභීමාණී වැඩසටහන සඳහා රුපියල් මිලියන 15,000ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති අතර ඉදිකිරීම් සඳහා ප්‍රජාව විසින් පරිත්‍යාග වශයෙන් ලබාදුන් ඉඩම් සහ රජයේ ඉඩම් යොදාගනී. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සිවිල් ඉදිකිරීම් වටිනාකමින් 20%ක් ප්‍රජා දායකත්වයෙන් ලබාදෙන අතර නඩත්තු හා මෙහෙයුම් කටයුතු ප්‍රජා මූල සංවිධානවලට භාරකරනු ලබයි.
මීට අමතරව “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් පවතින ජල ව්‍යාපෘති නඩත්තු කිරීම හා වැඩිදියුණූ කිරීම, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, ප්‍රජා හරිත අභිමාණී වැඩසටහන, සනීපාරක්ෂක පහසුකම් ලබාදීමේ වැඩසටහන, වැසි ජල කළමනාකරණ වැඩසටහන, ප්‍රජා ජල ව්‍යාපෘතීන් හී ජල ආරක්ෂණ සැලසුම් සකස් කිරීමේ වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක් මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වකුගඩු රෝග නිවාරණ වැඩසටහන යටතේ මරාන්තික වකුගඩු රෝගය බහුලව පවතින දිස්ත්‍රික්ක සඳහා නැනෝ පිරිපහදු යන්ත්‍ර සහ ප්‍රතිආශ්‍රිත පිරිපහදු යන්ත්‍ර ලබාදීම සිදුකෙරෙන අතර ප්‍රජා හරිත වැඩසටහන හරහා සෑම වර්ෂයකම තෝරාගත් දිනයකදී ජල මූලාශ්‍ර සංරක්ෂණය හා ගම අලංකරණය සඳහා ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම සියලුම ව්‍යාපෘතීන් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක වේ.
ප්‍රජා ජල සම්පාදනය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3104ක මුදලක් වෙන්කර ඇත.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තු නිලධාරින් රැසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img