ගාලු මුවදොර දී රුසියානු තරුණියට හිරිහැර කළ පුද්ගලයින් සිටින වීඩියෝව මෙන්න.
ගාලු මුවදොර ප්‍රදේශයේ දී රුසියානු තරුණියකට හිරිහැර සිදු කළ මෙරට තරුණයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම තරුණයින් පස්දෙනා හිරිහැර සිදු කරන විට එම රුසියානු තරුණිය එම දර්ශන තමන්ගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇත. අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම වීඩියෝ පටය ද උපකාරී වී ඇති බව පොලීසිය සඳහන් කරයි.






















