Sunday, November 8, 2026
HomeNEWSගාලු මුවදොර විරෝධතාව ගැන අධිකරණයෙන් ආරංචියක්

ගාලු මුවදොර විරෝධතාව ගැන අධිකරණයෙන් ආරංචියක්

ගාලු මුවදොර විරෝධතාවයට එරෙහිව යම් අධිකරණ නියෝගයක් ලබාගන්නේ නම් එය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොව කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ සලකා බලන ලෙස ඉල්ලා නීතිඥවරුන් පිරිසක් අද (19) අධිකරණ සේවා කොමිසම වෙත පෙත්සමක් භාර දී තිබේ.

අදාළ පෙත්සම සඳහා නීතිඥවරුන් 100කට ආසන්න පිරිසකගේ අත්සන් එක්කොට තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ මර්මස්ථාන පිහිටි කොටුව අධිකරණ බල සීමාවේ මහෙස්ත්‍රාත්වරයා ලෙස වැඩ තහනමට ලක්ව සිටී මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අධිකරණ සේවා කොමිසම විසින් පත්කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද අදාළ පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල සමග සමීප සම්බන්ධතා තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බවද මෙම පෙත්සමේ සඳහන් කොට ඇත.

එසේම මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ සොහොයුරා මහජන එක්සත් පෙරමුණේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සමීපතමයෙක් බවත් ඔහු බස්නාහිර පළාත් සභාවේ සභිකයෙක් ලෙස කටයුතු කර ඇති බවත් මෙම පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

අදාළ පෙත්සම මගින් වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නොමග යවන සුලු කරුණු වාර්තා කරමින් මෙම සාමකාමී උද්ඝෝෂණයට විරුද්ධව තීන්දු ලබාගැනීමේ සූදානමක් පවතින බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙන බවය.

මේ අතර  ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධව කොටුව පොලීසිය ඊයේ (18) කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමක් සිදුකරනු ලැබීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img