Saturday, October 11, 2025
HomeNEWSLatest Newsගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු...ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්.

ගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු…ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්.

ගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු…ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්.

Ø  ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනයට.

Ø  ඉඩම් සංවර්ධනයෙන් පසු වෙනත් පාර්ශ්වයන්ට පැවරීමට බැහැ.

Ø  ප්‍රයෝජනයට නොගත් LRC ඉඩම් සංවර්ධනට පියවර.

Ø  තරුණ ව්‍යවසායකයන්ට ඉඩම්.

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ඉඩම් ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද, වගා කටයුතු කළ ද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී. ප්‍රශ්නය විසඳීමට රටට සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු යැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ කටයුතු,රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

ඉඩම් ඔප්පු නොතිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවටත්, සංවර්ධනය දැවැන්ත පසුබෑමකටත් ලක්ව තිබේ. කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේදී ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය  ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා කියා සිටියේය.බදු දී ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශ්වයන්ට පැවරීමද වගාකරුවන් මුහුණ දී ඇති තවත් ගැටළුවකි. 

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා තරුණ ව්‍යවසායකයන්ට ඒවා බදු දීමෙන් ජාතික ආර්ථිකයට දායක කරගත හැකි බව  පැවසීය.

විවිධ රජයන් යටතේ ජනාධිපතිවරු ජනතාවට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කළහ.එහෙත් පසුකාලීනව බැංකු ණයක් හෝ ආර්ථික ඒකක බවට එම ඉඩම් පත් කරගැනීමේදී ගැටළු රැසකට ජනතාව මුහුණ පා ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

විදේශ ආයෝජකයන්ට ඉඩම් දීමේදී ණය සහ සෙසු පහසුකම් සලසා ගත හැකි පරිදි ගිවිසුම් අත්සන් තැබේ. ඉදිරියේදී  ඒ ආකාරයට ජනතාවට ද එවැනි පහසුකම් ගතහැකි පරිදි ඔප්පු සකස් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.

බදු පදනම මත ඉඩමක නිරවුල්භාවය ගැනීමට ආයතන 20 කට අධික සංඛ්‍යාවක අනුමැතිය ගැනීමට ජනතාවට සිදුවේ. ඒ සඳහා වසර ගණනාවක් ගතවන බව අනාවරණය විය. මෙවැනි තත්ත්වයන්ට ඉඩ නොතබා සරල කොන්දේසි වලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය දීමට පියවර ගන්නැයිද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ,  ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බය නැතුව ආයෝජනය කරන්න-ඇමති විජිත ඇමරිකානු ආයෝජක දූත පිරිසකට කියයි.

ලංකාවේ බය නැතුව ආයෝජනය කරන්න. ඇමති විජිත ඇමරිකානු ආයෝජක දූත පිරිසකට කියයි.වොෂින්ටන් ඩි.සි. හි හඩ්සන් ආයතනයේ ක්‍රමෝපාය පිළිබඳ කාර්යංශයේ වෝල්ටර් මීඩ් මහතා ප්‍රමුඛ...

කැබිනට් සංශෝධනයක්.. අනුර හා බිමල් අතර විෂයන් මාරුවීමක්

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන...

වැරදි ප්‍රකාශයක් කළ මන්ත්‍රීට ඵරෙහිව නීතිමය පියවර- ඇමති විජිත

උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට...

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න බැහැ- නාමල්

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නෑ - නාමල් රාජපක්ෂවත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img