Wednesday, August 5, 2026
HomeNEWSවැරදි ප්‍රකාශයක් කළ මන්ත්‍රීට ඵරෙහිව නීතිමය පියවර- ඇමති විජිත

වැරදි ප්‍රකාශයක් කළ මන්ත්‍රීට ඵරෙහිව නීතිමය පියවර- ඇමති විජිත

උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.අද (09) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.එමෙන්ම උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ සාකච්ඡාවට ලක් වන කරුණු පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දීමට එහි සිටින කිසිවෙකුට හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවද එහිදී ඔහු සඳහන් කළේය.මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කළ පුද්ගලයින්ටත්, පුවත ලබා දුන් අයටත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ එම කමිටුව තුළ, පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වුවමනාවට ක්‍රියාත්මක වූ එකක් සහ එහි මහ මොළකරු ඉන්දියාවේ යන වග රවී සෙනවිරත්න ලේකම්වරයා විසින් කිසිසේත්ම ප්‍රකාශ කර නොමැති බවය.මෙය තම රජය විසින් ගොඩනගා ගත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කඩාකප්පල් කිරීමේ අරමුණින් සිදු කළ වැරදි ප්‍රචාරයක් වන බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,”ඉන්දියාව ගැන කතාවත් කළේ නෑ. කිසිම රටක් ගැන සඳහන් කළේ නෑ. නමුත් ඉතාමත් වැරදි විදිහට සහ සාහසික විදිහට වැරදි ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා තියෙනවා ඒ කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඒක වැරදි පූර්වාදර්ශයක්.. ඒ නිසා ඒකට අදාළව ගන්න පුලුවන් උපරිම නීත්‍යනුකූල ක්‍රියාමාර්ග අනිවාර්‍යෙන්ම ගන්නවා.. මොකද එකක් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ කතා වෙන දේවල් මාධ්‍යවලට දෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ.. ඒක වැරදී.. හරියට මේක ගැන අවබෝධයක් තියෙනවා නම් ඒක රකින්න ඕනේ.. ඒවා මධ්‍යට දෙන සදාචාරයක් නෑ.. ඒවා නීතිවලට පටහැනියි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img