Wednesday, August 5, 2026
HomeNEWSබය නැතුව ආයෝජනය කරන්න-ඇමති විජිත ඇමරිකානු ආයෝජක දූත පිරිසකට කියයි.

බය නැතුව ආයෝජනය කරන්න-ඇමති විජිත ඇමරිකානු ආයෝජක දූත පිරිසකට කියයි.

ලංකාවේ බය නැතුව ආයෝජනය කරන්න. ඇමති විජිත ඇමරිකානු ආයෝජක දූත පිරිසකට කියයි.වොෂින්ටන් ඩි.සි. හි හඩ්සන් ආයතනයේ ක්‍රමෝපාය පිළිබඳ කාර්යංශයේ වෝල්ටර් මීඩ් මහතා ප්‍රමුඛ ඇමරිකානු එක්සත් ජනපදයේ දස දෙනෙකුගෙන් සමන්විත ආයෝජක දූත කණ්ඩායමක් අද (10) දින අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ දී මුණ ගැසුණහ.ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ ඇති වෙමින් පවතින ආයෝජන හිතකර පරිසරය සහ නව රජය ආර්ථික සංවර්ධනය සඳහා ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව කරුණු සොයා බැලීමත් ඇමරිකානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා සොයා බැලීමත් සිය සංචාරයේ අරමුණු බව වෝල්ටර් මීඩ් මහතා අමාත්‍යවරයා වෙත පවසා සිටියේ ය.පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව වරින්වරින්වර මුහුණදුන් උපද්‍රවයන් සහ බාධාවන් දූත මණ්ඩලයට පැහැදිලි කළ අමාත්‍යවරයා බංකලොත්භාවයෙන් රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමට ජාතික ජනබලවේගය වෙත විශිෂ්ට බලයක් ජනතාව ලබා දුන් බවත් පැහැදිලි කළේ ය. ඒ අනුව පත් වූ නව රජය දූරදර්ශී තීන්දු තීරණ ගැනීමෙන් සහ දූෂණයෙන් තොරව සියලු කටයුතු කරගෙන යාමෙන් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන ඇති බව පසුගිය වසර පිළිබඳ දත්තවලින් පැහැදිලි වන බව ද පෙන්වා දුන්නේ ය.විදේශීය ආයෝජන සුරක්ෂිත කිරීම හා ආයෝජකයන්ට හිමිවන විශේෂ අවස්ථා කවරේ දැයි විමසූ දූත පිරිසට පිළිතුරු දෙමින් විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කිසිඳු ආයෝජකයෙකු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බිය විය යුතු නැති බවත් එවැනි විශේෂ ආයෝජන සුරක්ෂිත කිරීම සඳහා පනතක් ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් ය.ඇමරිකානු ආයෝජන උපදේශකයන් අතර පිළිගැනීමට ලක් වූ කණ්ඩායමකින් සමන්විත වූ මෙම දූත පිරිස රජය ගෙන යන දූෂණයෙන් තොර විනිවිදභාවයෙන් පිරුනු ගමන්මගට සෑම සහයෝගයක් ම දීමට ද එකඟතාව පළ කළේ ය. දිවයිනේ දින කිහිපයක් රැඳී සිටින මෙම දූත පිරිස තවත් ඉහළ පෙළේ හමු කිහිපයට ද එක් වීමට නියමිත ය.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම හමුවට අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය ඇතුළු උසස් නිළධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ද එක්ව සිටියහ.මෙම අවස්ථාවට අදාළ දර්ශන – https://we.tl/t-oYDZd42FSK සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img