ගැබිනි මව්වරුන් සඳහා ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පවුල් සෞඛ්ය කාර්යංශය, සෞඛ්ය අමාත්යංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
එහි අධ්යක්ෂිකා විශේෂඥ වෛද්ය චිත්රමාලිද සිල්වා මහත්මිය පැවසුවේ, මේ වන විට ගැබිනි මව්වරුන් සඳහා සයිනෝෆාම් එන්නත පමණක් ලබාදීම සිදුකරන බවය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගැබිනි මව්වරුන් 13දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර 2500කට ආසන්න මව්වරුන් පිරිසක් ආසාදිතයින් බවට පත්ව තිබේ.
කෙසේවෙතත් ඉන් රෝහල් ගතව ප්රතිකාර ලබන්නේ මව්වරුන් 175දෙනෙකු පමණක් බව විශේෂඥ වෛද්ය චිත්රමාලිද සිල්වා මහත්මිය පැවසුවාය.






















