Sunday, November 1, 2026
HomeNEWSඔන්ලයින් වර්ජනය දිගටම

ඔන්ලයින් වර්ජනය දිගටම

ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කිරිමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.

අද (18) පැවැති මාධ්‍ය හමුවක දි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පුජ්‍ය යාල්වල පඤ්ඥාසේකර හිමි ප්‍රකාශ කළේ, ගුරු වැටුප් විෂමතා ගැටලුව විසදීම සහ කොතලාවල පනත අහෝසි කිරීම සිදුකරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව එළඹෙන ජුලි මස 22 වන දින කොළඹ දී දිවයිනේ සිටින සියලුම ගුරු – විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමට නියමිත බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, රජය ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ගුරුවරුන්ට කිසිදු පහසුකමක් ලබාදී නොමැති බවය.

“ඔන්ලයින් ක්‍රියාවලියෙන් ඉවත්වීම යන කාරණාව රාජකාරීමය කාරණාවක් නෙමෙයි. ආණ්ඩුව මාර්තු 12 සිට අවුරුද්දකුත් මාස 4ක කාලයක් මේ රටේ දරුවන් ට කිසිදු අධ්‍යාපනයක් ලබාදීමේ ක්‍රමවේදයක හිටියේ නෑ. ඔන්ලයින් කරේ ගුරුවරු හා විදුහල්පතිවරු තමන්ගේ ම මුදලින්, තමන්ගේම උපකරණවලින් පමණයි. ආණ්ඩුව කිසිම දෙයක් කරලා නෑ. කරේ මොකද්ද අධීක්ෂණය කියලා බලෙන් කිරීම. එම ක්‍රියාවලියත් අපි ගුරු – විදුහල්පති සමිතිය ලෙස බැහැර කළා. එහි ප්‍රතිඵලය ලෙස අපි ඔන්න ඔන්ලයින්වලින් අධ්‍යාපනය කළා කියලා කිව්වා. නමුත් ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ, ඔන්ලයින් සඳහා සහභාගී කර ගත හැකි වුණේ 43 ලක්ෂයක් ළමයින්ගෙන් සියයට 40ක් පමණයි. සියයට 60කට කිසිදු පහසුකමක් නෑ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img