Sunday, November 1, 2026
HomeNEWSපෞද්ගලික බස් සේවකයින් රජයෙන් වැටුපක් ඉල්ලයි

පෞද්ගලික බස් සේවකයින් රජයෙන් වැටුපක් ඉල්ලයි

බස්රථ සේවකයින් සඳහා රුපියල් 15,000 බැගින් මාස දෙකක් සඳහා හෝ වැටුපක් ගෙවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පුද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ, වසරක පමණ කාලයක් තිස්සේ බස් රථ සේවාවලට සම්බන්ධ 60,000ක් පමණ දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව ඇති බවය. 

“අපි රජයෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංගම සේවකයින් ට වැටුප් දෙනවා වගේම මාසිකව රු 15,000ක මුදලක් මාස දෙකකටවත් ලබාදෙන්න කියලා. අද දිනයේ දීත් අන්තර් පළාත් බස්රථ ධාවනය වෙන්නේ නෑ. හැබැයි සමහර අන්තර් පළාත් බස් රථහිමියන් කිහිපදෙනෙකුට විතරක් ප්‍රධාන රෝහල්වලින් සහ රජයේ අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්තමේන්තු සඳහා බස් රථ ධාවනයට ඉඩදීලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img