Sunday, November 1, 2026
HomeNEWSඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සුලභ ව පැතිරයාමේ අවදානමක්

ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සුලභ ව පැතිරයාමේ අවදානමක්

කොවිඩ් -19 වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ලෝකයේ බොහෝ රටවල විවිධ කොවිඩ් ප්‍රභේද මේ වන විට පැතිරෙමින් පවතින අතර මෙරට තුළ ද ඩෙල්ටා ප්‍රභේදය  පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවය. 

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේය.

“මුළු ලොව පුරා ම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙනවා. මම හිතන්නේ නෑ ශ්‍රී ලංකාවට විතරක් එයින් ගැළවෙන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඉදිරියේ දී ඩෙල්ටා ප්‍රභේදය අපේ රට තුළ සුලභ වශයෙන් පැතිර යයි කියලා. හැබැයි අපි දැනට ලබාදෙන සයිනොෆාම්,‍ ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් සියල්ලේම වගේම ස්පුට්නික් එන්නතෙන් ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ ආවරණයක් තියෙනවා කියන කාරණය තමයි විද්‍යාඥයින් පෙන්වා දීලා තියෙන්නේ. එන්නත් ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය වැලඳුනත්, ඉන් ආසාදනයක් ඇති වුණත් ඉන් ඇතිවෙන්නේ අවම බලපෑමක්. ඒ නිසා එන්නත්කරණය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපි දන්නවා දකුණු අමෙරිකාවේ පේරු රට කේන්ද්‍ර කරගෙන ඇති වු ලැම්ඩා කියන ප්‍රභේදය රටවල් ගණනාවක පැතිරෙමින් පවතිනවා. ඒ වගේම අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පටන් ගත්ත එප්ස්සයිලන් නමින් හඳුන්වන තවත් අලුත් ප්‍රභේදයකුත් මේ වන විට රටවල් ගණනාවක පැතිරෙමින් පවතිනවා. මේ සියල්ල ගැන අපි අවධානයෙන් පසුවෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img