ගිනිගනිමින් පවතින නෞකාවේ සිටි තුවාල ලැබු නාවිකයෙක් මේ වන විට ශ්රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගෙන තිබේ.
“අද දෙරණ“ කළ විමසීමක දී නාවික හමුදාව පවසා සිටියේ, මේ වන විට ගිනි ගනිමින් පවතින නෞකාවේ සිටි කාර්යය මණ්ඩලයේ 19 දෙනෙක් වෙනත් නෞකාවකින් බේරා ගෙන ඇති බවය.
සංගමන්කන්ද ප්රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්රා කරමින් තිබූ තෙල් නෞකාවක අද (03) උදෑසන 7.45ට පමණ ගින්නක් හටගෙන තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාව පැවසුවේ පැනමා රාජ්යයට අයත් “MT NEW DIAMOND“ නම් වූ නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවය.
මේ වන විටත් නාවික හමුදා යාත්රා 3 ක් අදාළ ස්ථානයට ළඟාවෙමින් සිටින බව ද වාර්තා වේ.
එමෙන්ම නෞකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණයට බීච් ක්රාෆ්ට් වර්ගයේ ගුවන් යානයක් මේ වනවිට පිටත් කර ඇති බව ගුවන් හමුදා මාධ්ය ප්රකාශක ගෘප් කපිතාන් තුෂාන් විජේසිංහ මහතා සඳහන් කරයි.
නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති අතර එය මෙතෙක් ප්රධාන තෙල් ටැංකි පිහිටා ඇති ප්රදේශ වෙත පැතිරගොස් නොමැති බවට වාර්තා වේ.






















