ගුරු- විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා පිළිබඳ පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වෘත්තීය සමිති ඉල්ලීම්වලට අදාළව අමාත්‍ය අනුකමිටුව වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ සිදුකළ අවසන් සාකච්ඡාව ඊයේ (18) රාත්‍රි පැවැත්විය.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් හෙට (20) දින මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් සිදුකර අවසන් වාර්තාව සම්පාදනය කරන බවය.
සාකච්ඡාවෙන් අනතුරුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොසප් ස්ටාලින් සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහත්වරුන් පැවසුවේ තම ගැටලුවලට විසඳුම් ලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අවලංගු කරන බවය.
මේ අතර වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් යෝජනා අන්තර්ගත වාර්තාව සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයින්ගේ සාකච්ඡාවක් ද අද (19) පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරුවේ කමිටු සාමාජික විමල් වීරවංශ මහතාගේ නිවසේ අදාළ කමිටු සාමාජිකයන්ගේ හමුව පැවැත්වෙන බව වාර්තා වේ.






















