පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, පසුගිය දින කිහිපයේ වෛද්‍යවරයා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ආසාදිත බවට තහවුරු වු බවය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මේ වන විට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ දී මේ දිනවල එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
එබැනි එම ස්ථානය දිනපතා විෂබීජහරණය කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් බිය විය යුතු නැති බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාර්ක් ද සිල්වා මහතා සඳහන් කරයි.
කෙසේවෙතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතාගේ ආශ්‍රිත කාර්යය මණ්ඩලය අද (19) දින පීසීආර් පරීක්ෂාවක් සඳහා යොමුකිරීමට නියමිතය.






















