Thursday, September 10, 2026
HomeNEWSLatest Newsගොවින් සහ වනජීවි දෙපාර්තමේන්තුවේ ඝට්ටනය අපි විසදා ගන්න ඕනේ.

ගොවින් සහ වනජීවි දෙපාර්තමේන්තුවේ ඝට්ටනය අපි විසදා ගන්න ඕනේ.

ගොවින් සහ වනජීවි දෙපාර්තමේන්තුවේ ඝට්ටනය අපි විසදා ගන්න ඕනේ. 

ගොවි ජනතාව සහ වනජීවි දෙපාර්තමේන්තුව අතර දීර්ඝ කාලයක පටන් එන ඝට්ටනය ඉතා කඩිනමින් අවසන් කිරීමට කාලය එළඹ ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
මෙම ගැටුම නිසා ගොවින්ට සිය කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ආණ්ඩුකාරවරිය කීවාය. මෙම ඝට්ටනයේ ප්‍රතිඵලය බලපාන්නේ මුළු මහත් රටටම බවද ආණ්ඩුකාරවරිය කිවාය.
ලාහුගල හුලංනුගේ තරුලෙන්ගල රජමහා විහාරයේ පැවති ගොවි හමුව අමතමින් පසුගියදා ඇය මේ බව කියා සිටියාය.
“සතුන්ට ජිවත් වෙන්න පුළුවන් පරිසරය අවශ්‍යයි. ඒ වගේම වනාන්තර ආරක්ෂාවීමත් ඉතාම අවශ්‍යයි මේ සියල්ලටම වඩා ගොවි ජනතාවට කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට නිදහස අවශ්‍යයි. මම මේ පළාතට ආවට පස්සේ විවධ ප්‍රදේශවල ගොවි ජනතාව හමුවුණා. ඒ අයගේ ලොකුම චෝදනාව වුනේ තමන් වගා කරපු කෘෂිකර්ම ඉඩම වටලා අලි වැටක් ගහපු එක. මම යන හැමතැනම ගොවින් මට කිව්වේ තමන් දිර්ඝ කාලයක් තිස්සේ වගා කරපු ඉඩම් වලට වනජිවි එක දැන් ඇතුල් වෙන්න දෙන්නේ නෑ කියලා. මේ අයට විසදුමක් දෙන්න ඕනේ ඒ අය ගොවිතැන්බත් කරලා එන ආදායමෙන් ජීවත්වෙන්නේ ඒත් දැන් ඒ ආදායම නැති වෙලා. ඒ නිසා ගොවින් සහ වනජීවි අතර මේ ඝට්ටනය අපි විසදා ගන්න ඕනේ. මේකෙන් අදහස් වෙන්නේ නෑ බලහත්කාරකමෙන් ඉඩම් අල්ලා ගන්නවා කියලා. අපේ පළාතේ තවත් තියෙන ප්‍රශ්ණයක් තමයි බලෙන් ඉඩම් අල්ලා ගන්න එක. පසුගිය වසර 5 තුළ මේවා හොයල බලලා නවත්තන්න පුළුවන් ආණ්ඩුවක් තිබ්බේ නෑ. ඒ නිසා නිළධාරිනුත් අඩපණ වුණා එය වැඩිකල් නොගොස් නිවැරදි විය යුතුයි. දැන් අපට කොන්ද පණ තියන් වැඩ කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කළේ අපේ වල්වැදිල තිබුණ පාලන ක්‍රමය නැති කරන්න. එතුමත් එක්ක එකතු වෙලා අපි අපේ රට ගොඩනගමු යැයිද” ආණ්ඩුකාරවරිය කිවාය.
මේ අවස්ථාවට පළාත් මාර්ගස්ථමගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චාමර නිලංග, ලාහුගල ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුනිල් බණ්ඩාර ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img