Thursday, October 29, 2026
HomeNEWSLatest Newsගොවින් සහ වනජීවි දෙපාර්තමේන්තුවේ ඝට්ටනය අපි විසදා ගන්න ඕනේ.

ගොවින් සහ වනජීවි දෙපාර්තමේන්තුවේ ඝට්ටනය අපි විසදා ගන්න ඕනේ.

ගොවින් සහ වනජීවි දෙපාර්තමේන්තුවේ ඝට්ටනය අපි විසදා ගන්න ඕනේ. 

ගොවි ජනතාව සහ වනජීවි දෙපාර්තමේන්තුව අතර දීර්ඝ කාලයක පටන් එන ඝට්ටනය ඉතා කඩිනමින් අවසන් කිරීමට කාලය එළඹ ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
මෙම ගැටුම නිසා ගොවින්ට සිය කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ආණ්ඩුකාරවරිය කීවාය. මෙම ඝට්ටනයේ ප්‍රතිඵලය බලපාන්නේ මුළු මහත් රටටම බවද ආණ්ඩුකාරවරිය කිවාය.
ලාහුගල හුලංනුගේ තරුලෙන්ගල රජමහා විහාරයේ පැවති ගොවි හමුව අමතමින් පසුගියදා ඇය මේ බව කියා සිටියාය.
“සතුන්ට ජිවත් වෙන්න පුළුවන් පරිසරය අවශ්‍යයි. ඒ වගේම වනාන්තර ආරක්ෂාවීමත් ඉතාම අවශ්‍යයි මේ සියල්ලටම වඩා ගොවි ජනතාවට කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට නිදහස අවශ්‍යයි. මම මේ පළාතට ආවට පස්සේ විවධ ප්‍රදේශවල ගොවි ජනතාව හමුවුණා. ඒ අයගේ ලොකුම චෝදනාව වුනේ තමන් වගා කරපු කෘෂිකර්ම ඉඩම වටලා අලි වැටක් ගහපු එක. මම යන හැමතැනම ගොවින් මට කිව්වේ තමන් දිර්ඝ කාලයක් තිස්සේ වගා කරපු ඉඩම් වලට වනජිවි එක දැන් ඇතුල් වෙන්න දෙන්නේ නෑ කියලා. මේ අයට විසදුමක් දෙන්න ඕනේ ඒ අය ගොවිතැන්බත් කරලා එන ආදායමෙන් ජීවත්වෙන්නේ ඒත් දැන් ඒ ආදායම නැති වෙලා. ඒ නිසා ගොවින් සහ වනජීවි අතර මේ ඝට්ටනය අපි විසදා ගන්න ඕනේ. මේකෙන් අදහස් වෙන්නේ නෑ බලහත්කාරකමෙන් ඉඩම් අල්ලා ගන්නවා කියලා. අපේ පළාතේ තවත් තියෙන ප්‍රශ්ණයක් තමයි බලෙන් ඉඩම් අල්ලා ගන්න එක. පසුගිය වසර 5 තුළ මේවා හොයල බලලා නවත්තන්න පුළුවන් ආණ්ඩුවක් තිබ්බේ නෑ. ඒ නිසා නිළධාරිනුත් අඩපණ වුණා එය වැඩිකල් නොගොස් නිවැරදි විය යුතුයි. දැන් අපට කොන්ද පණ තියන් වැඩ කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කළේ අපේ වල්වැදිල තිබුණ පාලන ක්‍රමය නැති කරන්න. එතුමත් එක්ක එකතු වෙලා අපි අපේ රට ගොඩනගමු යැයිද” ආණ්ඩුකාරවරිය කිවාය.
මේ අවස්ථාවට පළාත් මාර්ගස්ථමගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චාමර නිලංග, ලාහුගල ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුනිල් බණ්ඩාර ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img