Thursday, September 3, 2026
HomeNEWSLatest Newsගෝඨාභය අත්අඩංගුවට ගන්න චම්පික බලපෑම් කළ සාකච්ඡාවට අර්ජුන මහේන්ද්‍රන් ඇවිල්ලා.

ගෝඨාභය අත්අඩංගුවට ගන්න චම්පික බලපෑම් කළ සාකච්ඡාවට අර්ජුන මහේන්ද්‍රන් ඇවිල්ලා.

ගෝඨාභය අත්අඩංගුවට ගන්න චම්පික බලපෑම් කළ සාකච්ඡාවට අර්ජුන මහේන්ද්‍රන් ඇවිල්ලා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගන්න කියා පාඨලී චම්පික රණවක මහතා දැඩි ලෙස බලපෑම් සිදු කළ බවත් එම බලපෑම් සිදු කිරීම සඳහා අරලියගහ මැදුරේ පැවැති සාකච්ඡාවට එවකට මහ බැංකුවේ අධිපති ව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතාද පැමිණ සිටි බවද හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ දී හෙළිකර තිබේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී තමන් අසලට පැමිණි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව සාක්ෂි තියෙනවා නම් ඔහුව අත්අඩංගුවට ගන්නයි පැවසූ බව හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු දේශපාලකයන් රැසක් රැස් කර ගෙන නිලධාරීන් ගෙනැවිත් නඩු වල තත්ත්වය කුමක් ද කියා ප්‍රශ්න ඇසූ බවත්, එය කොහෙන් සොයාගත් ක්‍රියාපටිපාටියක් ද කියාත් තමන් නොදන්නා බවත් එය ඉතා වැරදි වැඩක් බවත් සුවද ගම්ලත් මහතා විසින් පෙන්වා දෙන ලදී. මෙම සාකච්ඡාවේදී අර්ජුන මහේන්ද්‍රන් මහතා ද තමාගේ ඉදිරිපිට පුටුවක අසුන් ගෙන සිටි බවද සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කර ඇත. අරලිය ගහ මන්දිරයේ පවතී සාකච්ඡා තුන හතරකටම තමාට ආරාධනා ලැබුණු බවත් නඩු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවී මේ ප්‍රවණතාවයක් තිබූ බවත් මීට කලින් එහෙම සිදු නොවූ බවත් මින් පසුව මෙවැනි දේවල් සිදු නොවිය යුතු බවත් විශේෂයෙන්ම නීති පති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලඥයන් සිටින තැන් වලට කැඳවීමට අවශ්‍ය නොමැති බවත් සුහද ගම්ලත් මහතා දීර්ඝ වශයෙන් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img