Friday, October 23, 2026
HomeNEWSLatest Newsගෝඨාභය අත්අඩංගුවට ගන්න චම්පික බලපෑම් කළ සාකච්ඡාවට අර්ජුන මහේන්ද්‍රන් ඇවිල්ලා.

ගෝඨාභය අත්අඩංගුවට ගන්න චම්පික බලපෑම් කළ සාකච්ඡාවට අර්ජුන මහේන්ද්‍රන් ඇවිල්ලා.

ගෝඨාභය අත්අඩංගුවට ගන්න චම්පික බලපෑම් කළ සාකච්ඡාවට අර්ජුන මහේන්ද්‍රන් ඇවිල්ලා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගන්න කියා පාඨලී චම්පික රණවක මහතා දැඩි ලෙස බලපෑම් සිදු කළ බවත් එම බලපෑම් සිදු කිරීම සඳහා අරලියගහ මැදුරේ පැවැති සාකච්ඡාවට එවකට මහ බැංකුවේ අධිපති ව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතාද පැමිණ සිටි බවද හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ දී හෙළිකර තිබේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී තමන් අසලට පැමිණි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව සාක්ෂි තියෙනවා නම් ඔහුව අත්අඩංගුවට ගන්නයි පැවසූ බව හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු දේශපාලකයන් රැසක් රැස් කර ගෙන නිලධාරීන් ගෙනැවිත් නඩු වල තත්ත්වය කුමක් ද කියා ප්‍රශ්න ඇසූ බවත්, එය කොහෙන් සොයාගත් ක්‍රියාපටිපාටියක් ද කියාත් තමන් නොදන්නා බවත් එය ඉතා වැරදි වැඩක් බවත් සුවද ගම්ලත් මහතා විසින් පෙන්වා දෙන ලදී. මෙම සාකච්ඡාවේදී අර්ජුන මහේන්ද්‍රන් මහතා ද තමාගේ ඉදිරිපිට පුටුවක අසුන් ගෙන සිටි බවද සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කර ඇත. අරලිය ගහ මන්දිරයේ පවතී සාකච්ඡා තුන හතරකටම තමාට ආරාධනා ලැබුණු බවත් නඩු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවී මේ ප්‍රවණතාවයක් තිබූ බවත් මීට කලින් එහෙම සිදු නොවූ බවත් මින් පසුව මෙවැනි දේවල් සිදු නොවිය යුතු බවත් විශේෂයෙන්ම නීති පති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලඥයන් සිටින තැන් වලට කැඳවීමට අවශ්‍ය නොමැති බවත් සුහද ගම්ලත් මහතා දීර්ඝ වශයෙන් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු, පොලිසිය එම ස්ථානයෙන්...

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන...

බොරු චෝදනා දාලා නඩු දාන අයට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා- නාමල් රාජපක්ෂ

අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img