Thursday, September 3, 2026
HomeNEWSLatest Newsචම්පිකගේ සියලු හොර වැඩ රවී හෙළි කිරීමට යයි.

චම්පිකගේ සියලු හොර වැඩ රවී හෙළි කිරීමට යයි.

චම්පිකගේ සියලු හොර වැඩ රවී හෙළි කිරීමට යයි.

ජාතික හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගෙ වගකිවයුතු අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තමාට ලැබී තිබෙන තොරතුරු රැසක් ඉදිරියේදී හෙළි කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක එක්සත් ජාතික පක්ෂය කොළඹ් දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මෙම අක්‍රමිකතා වසාගැනීම සඳහා චම්පික රණවක මහතා හැම විට ම සිදු කළේ ආණ්ඩු හා පක්ෂ මාරු කිරීම බවත් එසේ යට ගසා ගත් අක්‍රමිකතා රැසක තොරතුරු මේ වනවිට හෙළිදරව් වෙමින් පවතින බවත් රවී කරුණානායක මහතා පෙන්වා දෙයි. මුලින්ම ජනතා විමුක්ති පෙරමුණ පාවාදුන් පාඨලී චම්පික රණවක මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග කටයුතු කළ බවත් ඒ මහතා ගෙන් වෙන්වීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එක්වී කටයුතු කරමින් තමාට එරෙහි චෝදනා යටපත් කරගත් බව ද රවි කරුණානායක මහතා සඳහන් කරයි. ඉන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පවා දී රනිල් වික්‍රමසිංහ මහතාට එක්වීම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ තවත් අවස්ථාවාදී ක්‍රියාවක් වශයෙන් හැඳින්වූ කරුණානායක මහතා ඉන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාවා දී සමගි ජන බලවේගය එක්වීම ක්‍රියා කළ බව ද ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img