කුඩු ජාවාරමට හවුල් තවත් 4ක් පොලිසිය ඇතුලේ.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග කුඩු ජාවාරම් කරුවන්ට යලි විකිණේ මේ සිද්ධියට සම්බන්ධ තවත් නිලධාරින් 4 දෙනෙකු පොලීසිය ඇතුළේම සිටින බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිසියේ ඉහළ නිලධාරීන් අමතා දේශනයක් කරමින් පසුගිය සිකුරාදා ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය නඩු භාණ්ඩ ගබඩාවේ අයෙක්ද සැකකරුවෙකු බව කියන නීතිපතිවරයා ඔහුඅත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඇතිවිය හැකි විපාක සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙන බවද වාර්තා වේ. මෙම අපරාධයට සම්බන්ධ එක් සැකකරුවෙකු පොලීසිය මග හරින බව පෙන්වාදුන් නීතිපතිවරයා අපරාධ වලින්සොයන කළු සල්ලි උණ්ඩියල් හා පවාලා ක්‍රම මගින්රටින් පිට කරන බවද ඉහල පොලිස් නිලධාරීන් පෙන්වා දී තිබෙන බවද වාර්තා වේ.






















