Thursday, July 2, 2026
HomeNEWSLatest Newsකුඩු ජාවාරමට සම්බන්ධ අතුරුදන් IPගෙ ඔත්තුකරු අල්ලයි.

කුඩු ජාවාරමට සම්බන්ධ අතුරුදන් IPගෙ ඔත්තුකරු අල්ලයි.

කුඩු ජාවාරමට සම්බන්ධ අතුරුදන් IPගෙ ඔත්තුකරු අල්ලයි.

කුඩු ජාවාරමට සම්බන්ධ අතුරුදන් IPගෙ ඔත්තුකරු අල්ලයි. දෙස් විදෙස් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ බවට චෝදනා එල්ල වන එසේම දැනට අතුරුදන්ව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයාගේ පොලිස් ඔත්තුකරු සහ හෙරොයින් ගොඩබිමට රැගෙන ආ බෝට්ටු ක්‍රියාකරු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන දැනට අතුරුදන්ව සිටින පොලිස් පරීක්ෂකවරයාට සහ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක වරයාට තොරතුරු ලබා දෙමින් කටයුතු කළ මෙම පොලිස් ඔත්තුකරු ද මෙම ජාවාරමට උදව් පදව් කර ඇති බවට තොරතුරු ලැබීමත් සමග ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. තවද මුහුදු මාර්ග ඔස්සේ ගොඩබිමට රැගෙන විත් බලපිටිය ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙනා බව කියන මේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 243 ගොඩබිමට රැගෙන ආ බෝට්ටුවේ ක්‍රියාකරු ද රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. මෙම සිද්ධියට අදාළව මේවන විට පොලිස් නිලධාරීන් 16 දෙනකු ඇතුළු දහනව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුදන්ව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිසිය ප්‍රකාශකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img