Tuesday, November 10, 2026
HomeNEWSචීනය - ශ්‍රී ලංකාව අතර තේ වෙළඳාම සහ ප්‍රවර්ධනය සඳහා පියවර.

චීනය – ශ්‍රී ලංකාව අතර තේ වෙළඳාම සහ ප්‍රවර්ධනය සඳහා පියවර.

චීනය – ශ්‍රී ලංකාව අතර තේ වෙළඳාම සහ ප්‍රවර්ධනය සඳහා පියවර
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (2023.08.18) චීනයේ ප්‍රමුඛතම තේ ව්‍යවසාය වන යුනාන් සියාගුවාන් ටෝචාYunnan Xiaguan Tuocha (Group) Co., Ltd. හී නිරීක්ෂණ චාරිකාවක යෙදුනි. යුනාන්, ඩාලි හී පිහිටි මෙම කර්මාන්ත ශාලාව තේ අලෙවිය, නිෂ්පාදනය, සංවර්ධන හා පර්යේෂණ ද ඒකාබද්ධව කරනු ලැබේ.
තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් හිමි Xiaguan Tuocha හා ශ්‍රී ලංකාව අතර තේ පර්යේෂණ කටයුතු පිළිබඳව සහයෝගීතාව ශක්තිමත් කිරීමේ හැකියාව පිළිබඳව එහි ප්‍රධාන විධායක හා තේ පර්යේෂකයින් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළේය.
මේ වන විටත් තලවකැලේ තේ පර්යේෂණ මධ්‍යස්ථානය සමඟ දත්ත සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගෙන ඇති යුනාන් Xiaguan Tuocha කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන පර්යේෂණ සහ සංවර්ධනය සඳහා සහාය වීමට කැමැත්ත පළ කර ඇත.
තේ පර්යේෂණයේ සහයෝගීතාව පිළිබඳ වැඩිදුර සාකච්ඡා සඳහා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන ලෙස අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img