Thursday, November 5, 2026
HomeNEWSචීන රජයේ ආධාර මත නිවාස 1,996 ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ.

චීන රජයේ ආධාර මත නිවාස 1,996 ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ.

චීන රජයේ ආධාර මත නිවාස 1,996 ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ…. කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ටත් නිවාස 108ක්.. අඩු ආදායම්ලාභීන්ට නිවාස 1,888ක්….. ඉදිකිරීම් ලබන මාර්තු මාසයේදී ඇරඹේ… වසර තුනකින් ඉදිකිරීම් අවසන්…  නිවාස ව්‍යාපෘතියට චීන යුවාන් මිලියන 552ක ආධාරයක්….. චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ.ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල ගිවිසුමට අත්සන් තැබූ අතර චීන රජය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතායි.ගිවිසුම අත්සන් තැබීම අද (27) දින බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.වසර තුනක් තුළ ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන්කෙරේ. ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්, දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්, මොරටුව බැටරි වත්ත, නිවාස 575 ක්, මහරගම අඹවත්ත නිවාස 112 ක් සහ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක් වශයෙන් ඉදි කෙරේ. කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108යි.චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48කි. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ලබන මාර්තු මාසයේදී මෙම නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.මෙරට නිවාස ඉදිකිරීම සඳහා චීන රජය සමඟ ගිවිසුම් ගතවූ පළමු හා අවසන් අවස්ථාව මෙය නොවන බව පෙන්වා දුන් ඇමතිවරයා චීනය හැමවිටම මෙරට ජනතාවගේ සාමාජීය හා ආර්ථික ගැටළු සඳහා සහන සැලසීමට ඉදිරිපත් වූ බවද පෙන්වා දුන්නේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත්, එරට ජනතාවටත් ස්තූතිය පළ කළ ඇමතිවරයා චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කිරීමට මෙම ව්‍යාපෘති ඉවහල්වන බවද පෙන්වා දුන්නේය. චීනය හැමවිටම ශ්‍රී ලංකාවේ මිතුරෙකි. ශ්‍රී ලංකාව මුහුණදුන් සෑම අසීරු අවස්ථාවකදීම චීන රජය සමීප මිතුරෙකු ලෙස ඒ සඳහා සහාය පළ කළ බවත්, දශක තුනක් තිස්සේ මෙරට පැවැති යුදමය වාතාවරණය තුළත්, ඉන් පසුවත් චීනය හැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු කීවේය.මෙහිදී අදහස් පළ කළ මෙරට චීන තානාපති චී ෂෙන්හොන් මහතා අවධාරණය කළේ, චීනය හැමවිටම ශ්‍රී ලංකාවේ සාමාජීය හා ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා සහාය පළ කරන බවයි. චීන ප්‍රදානයන් යටතේ මෙරට ජනතාවගේ ආර්ථික හා සාමාජීය තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවකට චීනය දායක වී ඇතැයිද පෙන්වා දුන් තානාපතිවරයා පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වභාවික විපත්, ත්‍රස්තවාදී යුද්ධය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය අවස්ථාවේදීද හැකි උපරිමයෙන් ශ්‍රී ලංකාවට සහාය පළ කළ බවද අවධාරණය කළේය. චීනය ශ්‍රී ලංකාවේ හොඳ අසල්වැසියකු මෙන්ම සමීප මිතුරෙකු බව පෙන්වා දුන් තානාපතිවරයා සඳහන් කළේ මෙරට ජනතාවගේ සාමාජීය හා ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා උදව් උපකාර කිරීමට චීනය තවදුරටත් සුදානමින් සිටින බවයි.මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.ප්‍රදීප් අනුර කුමාර(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

(IOC) හා සයිනොපෙක් සමාගම් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවයි

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) හා සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියෙව්වට පස්සේ පැරසිටමෝල් බොන්න සිදුවුණා- හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා

කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පළ කළ අදහස්මම කතා කරන්න යන්නේ"ත්‍රස්ත¬වා¬දයෙන්...

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන රජයේ විශේෂ අවධානය

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට...

අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න-නාමල් රාජපක්ෂ

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න.-නාමල් රාජපක්ෂ ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img