Friday, September 11, 2026
HomeNEWSඡන්දය තියනවා ද නැද්ද ? තීරණය ගන්න කොමිසම රැස්වෙයි

ඡන්දය තියනවා ද නැද්ද ? තීරණය ගන්න කොමිසම රැස්වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ අද පෙරවරු 10ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතව තිබේ.

මුදල් ප්‍රතිපාදන නිකුත් නොකිරීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට හැකියාව ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලය පසුගියදා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.

ඒ අනුව නියමිත දිනට තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට හැකියාවක් නොමැති බව රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

පවතින තත්වය හමුවේ මේ වනවිට දින නියම කර ඇති පරිදි මාර්තු මස 28 වන දින සිට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදෙන්නේ ඒ අනුව මැතිවරණය ද අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට හැකියාවක් නොමැති බවය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ ද එසේත් නැතිනම් මැතිවරණ දිනයක් ප්‍රකාශ කිරීම සඳහා තවත් කල් ලබාගන්නේ ද යන්න පිළිබඳව අද දිනයේ පක්ෂ ලේකම්වරුන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img