ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඡන්ද මධ්‍යස්ථාන 12985 කදී ආරම්භ වී තිබේ. උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර අද සවස 5 දක්වා එය පැවැත්වේ. මේ වන විට සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වෙන බව ද වාර්තා වේ. ඡන්ද ප්‍රකාශ කිරීමට අදාළ සියලු තොරතුරු අප ඔබ වෙත ගෙන එන අතර එහි නවතම තොරතුරු බලාපොරොත්තු වන්න.






















