පළමු නිල ඡන්ද ප්‍රතිඵල 6 වෙනිදා සවස දෙකට…. මාතර දිස්ත්රික්කයේ ප්‍රතිඵලයක්.
පළමු නිල ඡන්ද ප්‍රතිඵල 6 වෙනිදා සවස දෙකට…. මාතර දිස්ත්රික්කයේ ප්‍රතිඵලයක්. පළමු නිල ඡන්ද ප්‍රතිඵලය හයවෙනිදා සවස දෙක පමණ වන විට නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් එය බොහෝ දුරට මාතර දිස්ත්රික්කයේ චන්ද ප්‍රතිපලයක් විය හැකි බවත් ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ 4 වෙනි දා සවස් කාලයේ දී මාතර දිස්ත්රික්කයේ මැතිවරණය සූදානම සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. මාතර දිස්ත්රික්කයේ මැතිවරණ නිලධාරීන් මුල්ම ප්‍රතිඵලය මාතර දිස්ත්‍රික්කයෙන් ලබාදීමට සූදානමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති වරයා ප්‍රකාශ කරන විට එතැන සිටි සියල්ලෝ ම ඊට ප්‍රතිචාර දැක්වූයේ සිනහවෙමින් ය. වීඩියෝව සහිත.






















